• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් පාලන ආයතනවල සේවකයින් ක්‍රමයෙන් ස්ථිර කරනවා – අගමැති

5 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පළාත් පාලන ආයතනවල තවමත් ස්ථීර නොවූ සේවකයින් විශාල ප්‍රමාණයක් සිටින බවත් ඒ අය ක්‍රමයෙන් ස්ථිර කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ වරිපනම් ඇතුළු අනෙකුත් ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට පහසුකම් සැලසීම හදුන්වා දීමට අද (05) මහරගම නගර සභාවේදී පැවැති වැඩසටහනට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ” අද සිට වරිපනම් ගෙවීම ඔන් ලයින් තාක්ෂණය භාවිතයෙන් කර ගැනීමට හැකියාව ලැබෙනවා වගේම, ඉදිරියේදී මහජනතාවට අවශ්‍ය සේවාවන්, පහසුවෙන් හා ඵලදායි ලෙස ලබා දීමට අනෙකුත් මහජන සේවාවන් ද මේ ආකාරයෙන් තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීම වැදගත්. මහරගම ආශ්‍රීතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, අපේක්ෂා රෝහල, ජයවර්ධනපුර රෝහල වැනි සුවිශේෂී ආයතන පිහිටා තිබෙනවා. කුඩා හා මහා පරිමාණ ඇඟලුම් ව්‍යාපාර කේන්ද්‍රස්ථානයක්. ඒ වගේම විරල, තියුණු වටිනා වෙළඳ ව්‍යාපාරවල තෝතැන්නක්. අපි ඒවා ආරක්ෂා කරමින්, එම ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය පරිවර්තනය කළ යුතුයි. නගර සභාවක කර්තව්‍ය එයයි. අපේ බල ප්‍රදේශයේ භූමිභාගය වැඩි වෙන්නෑ. භූමිය ක්‍රමවත්ව සැලසුම් කොට උපරිම දියුණුව ගෙනයාමට හැකි විය යුතුයි. ඒ තුළින් මහරගම කෙරෙහි විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාරික ආකර්ෂණය ඇති වෙනවා. විද්‍යාකර, ජනාධිපති, ධර්මපාල, බුවනෙකබා වගේ පාසල්වලට මහරගමින් පිටපළාත්වල ළමයිනුත් ඉගෙන ගන්න එනවා. බොහෝවිට ඒ ළමයි පසුව මහරගම බල ප්‍රදේශයේම ජීවිකාව ආරම්භ කරනවා. ඒ තුළින් පෝෂණය වෙන්නේ අපේ නගරයයි. ජාතික ඉතිරිකිරීමේ බැංකුව තමයි මහරගමට ආපු පළවෙනි බැංකුව. බැංකු ක්‍රමය දියුණු වෙනවා. අද වෙනකොට තවත් රාජ්‍ය පුද්ගලික බැංකු රාශියක් මේ නගරයට පමණක් නොවෙයි. දෙවෙනි උප නගරය වන කොට්ටාව නගරයටත් පැමිණ තිබෙනවා. කුඩා වෙළඳපොළක් ලෙස වසර 75ක් තිබුණ මහරගම මංසන්ධිය නගරයක් ලෙස දියුණු කළේ අපේ වෙළෙඳ ව්‍යාපාරික පැලැන්තිය. ඔවුන්ගේ අදහස්, පෝෂණය, පුද්ගලික ආයෝජන, තමයි මහරගම දියුණු කිරිමේ ප්‍රධානතම ආයෝජනය. පළාත් සභා විසුරුවා හැරලා. පළාත් පාලන ආයතන ඡන්දය නාමයෝජනා ගත්තත් තවම ඡන්ද තියලා නැහැ. ඒ නිසයි පළාත් පාලන ආයතන ප්‍රාදේශිය ලේකම් කාර්යාල සමඟ සභාව ඒකාබද්ධව සංවර්ධනය මෙහෙයවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක ව තිබෙන්නේ. ඒ අනුව අපි රැස්වී සාකච්ඡා කොට තීරණ ගනිමින් ඉදිරියට ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා. පළාත් පාලන ආයතනවල තවමත් ස්ථීර නොවූ සේවකයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය ක්‍රමයෙන් ස්ථිර කරන බව මම මේ අවස්ථාවේ විශේෂයෙන් ප්‍රකාශ කරනවා. දැන් අපේ ආර්ථිකය යන්ත්‍රය ක්‍රමවත් වෙමින් තිබෙනවා. අපිට නැවත හිස ඔසවන්න පුළුවන් බව ලෝකයේ අනෙකුත් රටවල් පිළිගෙන තිබෙනවා. ඔවුන් ඒ සදහා අපට සහයෝගය දක්වනවා යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට නිකපොත චන්ද්‍රජෝති හිමි ඇතුළු සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න, හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සලෝචන ගමගේ, උපාලි කොඩිකාර, මහරගම නගර සභා ලේකම් අරුන් ඩී. ඩයස් ඇතුළු පිරිස එක් වූහ.

Post Views: 1
Previous Post

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට පනවා තිබු තහනම දිර්ඝ කෙරේ – ශ්‍රී ලංකා මහබැංකුව

Next Post

විපක්ෂයේ චෝදනා පුස්සක් … ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකයි – රාජ්‍ය අමාත්‍ය ශාන්ත

editor

editor

Next Post

විපක්ෂයේ චෝදනා පුස්සක් ... ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකයි - රාජ්‍ය අමාත්‍ය ශාන්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved