පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 32 වටයේ අද (01) පැවැති තියුණු තරගයකින් පසු ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ රාජ්‍යය ගෝල 2-1ක් ලෙස පරාජය කිරීමට එංගලන්තය සමත් විය. මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ ඔවුන් තරගාවලියේ මීළඟ වටය (Round of 16) සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
තරගයේ ආරම්භයේදීම, එනම් 7 වැනි මිනිත්තුවේදී කොංගෝව වෙනුවෙන් බ්‍රයන් සිපෙන්ගා (Brian Cipenga) පළමු ගෝලය වාර්තා කරමින් එංගලන්තයට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් විය. එම ගෝලයත් සමඟ තරගයේ වැඩි කාලයක් කොංගෝව පෙරමුණේ පසුවූයේ ලෝක කුසලානයේ දැවැන්ත පෙරළියක පෙරනිමිති පෙන්වමිනි.
කෙසේ වෙතත්, උත්සාහය අත්නොහළ එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක හැරී කේන් (Harry Kane) අතිවිශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරත වෙමින් තරගයේ 75 වැනි සහ 86 වැනි මිනිත්තු වලදී ගෝල දෙකක් වාර්තා කරමින් ජයග්‍රහණය එංගලන්තය සතු කළේය.
මේ අතර, ලෝක කුසලාන තරගාවලියේ බෙල්ජියම සහ සෙනගාලය අතර පැවැත්වෙන මීළඟ තරගය අද අලුයම 1:30ට ආරම්භ වීමට නියමිතව තිබේ.














