ඉරානය සමඟ යළිත් වරක් යුදමය තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පිළිබඳව අදහස් දක්වමින් ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් මහතා (JD Vance) විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
“ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ යළි ආරම්භ කිරීමට උත්සාහ කළහොත් හෝ ඔවුන්ගේ අසල්වැසි රටවලට තර්ජනය කරමින් ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට කටයුතු කළහොත් ජනාධිපතිවරයා සතුව ඕනෑ තරම් විකල්ප තිබෙනවා. නමුත් අප කිසිවිටෙකත් නොකළ යුත්තේ බෝම්බ හෙළීමේ අවශ්‍යතාවයටම පමණක් බෝම්බ හෙළීමයි. ජනාධිපතිවරයා කිසිම වෙලාවක ඔබෙන් එහෙම දෙයක් කරන්නේ නැහැ,” යැයි වෑන්ස් මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ යම් හෙයකින් ජනාධිපතිවරයා රට යුද්ධයකට කැඳවුවහොත්, එසේ කරන්නේ කුමන නිශ්චිත අරමුණක් වෙනුවෙන්ද යන්න ජනතාවට පැහැදිලිවම ප්‍රකාශ කිරීමෙන් පසුව බවයි.












