• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජවිපෙට එන්තරවාසි යවන්නේ, නඩු දාන්නේ මගදි ඉල්ලා අස්කරගන්න නොවේ – මන්ත්‍රී රෝහිත

18 March 2024
in දේශීය, පුවත්
ජවිපෙට එන්තරවාසි යවන්නේ, නඩු දාන්නේ මගදි ඉල්ලා අස්කරගන්න නොවේ – මන්ත්‍රී රෝහිත

ජනතා විමුක්ති පෙරමුණ සෑම අවස්ථාවකම පදනම් විරහිත චෝදනා එල්ල කරමින් මඩ ව්‍යාපාරවල නිරතවූවද අප කිසිදු අවස්ථාවක පදනම් විරහිත චෝදනා නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා, “ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට වැඩි ඡන්දයෙන් මාව තෝරා පත්කරගත්තා. ඒ කෝප් කමිටුවට තෝරා පත්කරගත්තාට පසුව අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ ගරු විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රිතුමා ප්‍රකාශයක් කරලා ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් මම මගේ නීතීඥ මහත්වරු හරහා එතුමාට එන්තරවාසියක් යැවීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තිබෙනවා. එතුමා ඒ එන්තරවාසියට ප්‍රතිචාරයක් දක්වන්නේ නැතිනම් අපි එතුමාට විරුද්ධව ඒ නීති ක්‍රමවේදය අනුව අපි අධිකරණයට යන්න ලෑස්තිවෙලා සිටිනවා. මම දැක්කා එතුමා සහ ඒ පක්ෂය අය කියනවා මේ වගේ එන්තරවාසි ගැන මීට පෙර වෙන අයත් කිව්වා. ඒ කියපු එන්තරවාසි ඉබ්බෙක්ගේ පිටේ එව්වත් එන්න වෙලා තිබෙනවා කියලා නොයෙක් දේවල් කියනවා මම දැක්කා. මේ රෝහිත අබේගුණවර්ධන ඉස්සරහාට තිබ්බ කකුල පස්සට ගන්න කෙනෙක් නොවේ. ඒ නිසා මම එන්තරවාසිය යවනවා. එයට ප්‍රතිචාරය නැතිනම් අනිවාර්යයෙන්ම මම නඩු දානවා. අපි අධිකරණයේදී හමුවෙමු. මට මේ කරපු ප්‍රකාශයත් එක්ක වුණ අපහසයට අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. මම දකිනවා සමහර අවස්ථාවලදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ගොඩක් මන්ත්‍රිවරුන් අනුන්ගේම කුණු හොයන්නේ. මේකද රස්සාව? දැන් මේ බලාගෙන ඉන්නේ ආණ්ඩුවක් ගන්නනේ. කරුණාකරලා ජනතාවට කියන්න මේ රටේ ආර්ථිකය හදන හැටි. මේ පිරිස හොරු කියන්න පටන්ගත්තේ 2015 පෙර. 2015 ආණ්ඩුව කාලයේදී කිව්වේ රාජපක්ෂලා ගාව ලැම්බෝගිනි තියනවා, රත්තරන් අශ්වයෝ ඉන්නවා කියලා. රූපවාහිනිවල උදේ ඉදන් රෑ වෙනකන් කියලා එය යම් විදිහකින් ජනතාව විශ්වාස කරලා මහින්ද මහත්තයාව 2015 පරද්දලා මෛත්‍රිපාල මැතිතුමා ගෙන්නුවා. එතුමා ජනාධිපති කරන්න උදව් කරපු ජනතා විමුක්ති පෙරමුණ භාරගත්තා දූෂණ විරෝධි සියලු දේ අල්ලන්න. දැන් මේ සියලුදේ කියලා 2015 ඉඳලා දැන් 2024 වුණා රාජපක්ෂලා හොරකම්කරලා අරගෙන තිබෙනවා කියලා කිව්වද? අපි පදනම් විරහිතව කිසිදෙයක් කියන්නේ නැහැ. අපිට මඩ ගැහුව්වට අපි එසේ කරන්නේ නැහැ. විජිත හේරත් මැතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්නවා. අපි අහලා තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු පඩියවත් ගන්නේ නැහැ කියලා. පාර්ලිමේන්තු පඩිය ගන්නෙත් නැත්නම්, කිසිම ව්‍යාපාරයක් කරන්නේ නැතිනම්, රැකියාවක් කරන්නේ නැතිනම්, අනේ අපිට කියලා දෙන්නකෝ හොඳට ඇඳලා කරලා යන්නේ කොහොමද කියලා. පඩි ගන්නෙත් නැතිව, රැකියාවක්වත් නොකර සුවසේ, සැපසේ ජිවත්වෙනවා. මොකක්ද මේ ක්‍රමය කියලා කියන්න අපිට. 88, 89 අපි ජනතා විමුක්ති පෙරමුණෙන් තැලුනා, එවක තිබුණු ආණ්ඩුවෙනුත් තැලුනා. අපිට අත්දැකීම් තිබෙනවා. අන්න ඒ කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ ඇවිල්ලා ගෙවල්වල උයලා තිබුණු බත් මුට්ටිය හොරකම් කරලා අරන් ගියා. ග්‍රාමීය බැංකුවද ඒ සියල්ලම කැඩුවා. මෙය රටේ වෙච්ච දේ. හැබැයි ඒකට පෞද්ගලිකව මේ මඩගහන ක්‍රමය නවත්වන්න. ඒ නිසා අපි කියනවා අධිකරණයේදී හමුවෙමු. අපි එන්තරවාසි යවන්නේ, නඩු දාන්නේ මගදි ඉල්ලා අස්කරගන්න නොවේ. අධිකරණය තීන්දු කරයි කවුද වැරදී? කවුද නිවැරදි කියලා. අපි එය අධිකරණයට භාරකරනවා.”යනුවෙන් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7,183
Previous Post

පස්වන වරටත් රුසියානු ජනාධිපතිධුරයට ව්ලැදිමීර් පුටින්ට තේරී පත්වෙයි

Next Post

ජපාන රජයෙන් මෙරට ආර්ථික හා සමාජ සංවර්ධනයට රුපියල් බිලියන 3.3ක ප්‍රදානයක් 

editor ttvnews

editor ttvnews

Next Post
ජපාන රජයෙන් මෙරට ආර්ථික හා සමාජ සංවර්ධනයට රුපියල් බිලියන 3.3ක ප්‍රදානයක් 

ජපාන රජයෙන් මෙරට ආර්ථික හා සමාජ සංවර්ධනයට රුපියල් බිලියන 3.3ක ප්‍රදානයක් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved