අතීතයේ මෙන් යළි සේවක අර්ථසාධක අරමුදල (EPF) හෝ භාරකාර අරමුදල (ETF) අවභාවිතයට කිසිදු ඉඩක් නොතබන බව කම්කරු ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසා තිබේ. කම්කරු මහ ලේකම් කාර්යාලයේ දී පැවැති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීම අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මෙම අරමුදල් සාමාජිකයන්ට උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි සහ තිරසරව පවත්වාගෙන යෑම වත්මන් රජයේ අරමුණ බව ඇමැතිවරයා සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, අරමුදල් දෙක ඒකාබද්ධ පරිපාලනයක් යටතට ගෙන ඒමේ යෝජනාවට ඇතැම් පාර්ශ්ව විරුද්ධ වී ඇත්තේ අතීත ආණ්ඩු ඒවා අවභාවිත කර ඇති නිසා බවත්, වත්මන් රජය යටතේ ජනතා අරමුදල් අවභාවිත කිරීමට කිසිදු ඉඩක් නොමැති බවත්ය.
















