අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නැගෙනහිර පළාතේ සිසුන් සඳහා බෙදාහැරීමට නිකුත් කර තිබූ රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනාකමින් යුත් පෙළපොත් සහ ක්‍රියාකාරම් පොත් 19,892ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව පවසයි.
පසුගිය මැයි මාසයේදී ප්‍රවාහනය සඳහා භාරදුන් මෙම පොත් තොගය ගමනාන්තයට ලබාදී නොමැති අතර, ලොරි රථයේ රියදුරු විසින් අදාළ පොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47,000ක මුදලක් ලබාගෙන ඇති බව තලංගම පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පසුව එම බෝතල් පත්තරකරු විසින් මෙම පොත් පෑලියගොඩ ප්‍රදේශයේ පරණ කඩදාසි අඹරන ආයතනයකට අලෙවි කර ඇත. මේ වන විට ලොරි රථ රියදුරු සහ පොත් මිලදී ගත් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














