වත්මන් රජය යටතේ සැමට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනතාව ප්‍රශංසාව පළකරන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි. පසුගිය කාලය තුළ අසාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කළ මහජන නියෝජිතයින් වර්තමානයේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ බියවී ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් වන අතර, මේ සඳහා ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, පක්ෂ ක්‍රියාකාරීන්, ගම්වැසියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














