පාකිස්තානයේ පවතින නීති රාමුවට ගෙන ආ නව සංශෝධන මගින් එරට හමුදාපති ජෙනරාල් අසීම් මුනීර් (Asim Munir) වෙත තවත් ප්රධාන තනතුරු සහ බලතල එකතු කරමින් ඔහුව තවදුරටත් බලවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එක් හමුදා ජෙනරාල්වරයෙකුට ප්රධාන වගකීම් සහ තනතුරු තුනක් හිමිවන පරිදි සිදුකර ඇති මෙම නීතිමය වෙනස්කම් හරහා එරට ආරක්ෂක සහ රාජ්ය පාලන ක්ෂේත්රය තුළ හමුදාවේ අධිකාරී බලය තවදුරටත් තහවුරු වී තිබේ.
පාකිස්තාන දේශපාලන හා ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙම අලුත් පියවර මගින් එරට සිවිල් පාලනයට හමුදාවෙන් එල්ල වන බලපෑම සහ ජෙනරාල් මුනීර්ගේ ඒකාධිපති බලතල තවදුරටත් ඉහළ යන බවයි.














