ලොව ප්‍රමුඛතම සනීපාරක්ෂක නිෂ්පාදන සමාගමක් වන ස්වීඩනයේ Essity ආයතනය, මෙම වසරේ පළමු කාර්තුව සඳහා සිය මූල්‍ය ප්‍රතිඵල වෙළෙඳපොළ අපේක්ෂාවන් තරමක් දුරට ඉක්මවා ගොස් ඇති බව අද (23) වාර්තා කළේය. නිෂ්පාදන මිල ගණන් සුළු වශයෙන් පහත වැටී තිබුණද, අලෙවි පරිමාව (Sales volume) ඉහළ යාම මෙම සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
LSEG දත්තවලට අනුව, පළමු කාර්තුව සඳහා සමාගමේ සංශෝධිත මෙහෙයුම් ලාභය (EBITA) ස්වීඩන් ක්‍රෝන් බිලියන 4.6 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 498 ක් පමණ) ලෙස සටහන් විය. මෙය විශ්ලේෂකයන් අපේක්ෂා කළ ක්‍රෝන් බිලියන 4.57 ක අගයට වඩා වැඩි අගයකි. ටෝක් (Tork) වැනි සුප්‍රකට සන්නාමයන්ට හිමිකම් කියන Essity සමාගම, වසංගතයෙන් පසු ඉහළ ගිය නිෂ්පාදන පිරිවැය සහ පාරිභෝගික ඉල්ලුම අතර සමබරතාවයක් පවත්වා ගැනීම සඳහා සිය මෙහෙයුම් පද්ධතිය ප්‍රතිව්‍යුහගත කරමින් සිටී. මීට අමතරව, ස්වීඩන් ක්‍රෝන් බිලියන 3 ක කොටස් නැවත මිලදී ගැනීමේ (Share buyback) වැඩසටහනක් දියත් කිරීමට ද සමාගම ඊයේ තීරණය කළේය.
















