නිෂ්පාදන සහ සේවා අංශවල ක්‍රියාකාරීත්වය යළි පිබිදීමත් සමඟ ඉන්දියාවේ පෞද්ගලික අංශයේ වර්ධනය අප්‍රේල් මාසයේදී වේගවත් වී ඇති බව නවතම මූල්‍ය සමීක්ෂණ වාර්තා (PMI) පෙන්වා දෙයි. පසුගිය මාසයේ දක්නට ලැබුණු මන්දගාමී ස්වභාවයෙන් පසුව, නව මූල්‍ය වර්ෂය ආරම්භයේදීම මෙලෙස දේශීය ඉල්ලුම යථා තත්ත්වයට පත්වීම සුභදායක ලකුණක් ලෙස සැලකේ.
මිල පීඩනයන් පවතින පසුබිමක වුවද, ඉන්දියාවේ ආර්ථික වර්ධනය 6.5% ක මට්ටමක පවතිනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෑතකදී පුරෝකථනය කළේය. කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මතුවිය හැකි උද්ධමනකාරී අවදානම ආර්ථික වර්ධනයට යම් බලපෑමක් එල්ල කළ හැකි බවට ද එම ආයතනය අනතුරු අඟවා ඇත. HSBC බැංකුව මඟින් නිකුත් කරන ලද මෙම දත්ත මඟින් තහවුරු වන්නේ ඉන්දියාවේ කර්මාන්ත ක්ෂේත්‍රය සහ සේවා සැපයුම් අංශය අඛණ්ඩව ශක්තිමත් මට්ටමක පවතින බවයි.















