• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය පිහිටුවීම කොත්මලේ – ජනපති

3 November 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක භූමිභාගයක් මේ වන විටත් වෙන් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (02) අරලිගහ මන්දිරයේ පැවති පළවැනි ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි. මෙම සමුළුව අද (03) අවසන් වේ.

ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ හරිත ආර්ථිකයකට මාරුවීම සඳහා සැලකිය යුතු පියවර ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

තමන් පසුගිය වසරේ දී දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ඉදිරිපත් කළ බවත් මෙම වසරේ COP 28 හිදී ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් , අප ගොඩනඟන නව ආර්ථිකයේ ආකෘතිය ඉහළ තරඟකාරිත්වයක් සහිත ඩිජිටල් පරිවර්තනය, බලශක්ති පරිවර්තනය, සහ හරිත පරිවර්තන මත පදනම් වනු ඇතියි. අයවැයෙන් පසු මම මේ පිළිබඳව දේශපාලන පක්ෂවල නායකයින් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ඇති එකම මාර්ගය මෙයයි. කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම, සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම සහ වේගවත් කිරීම මේ මත ගොඩ නැගෙනවා. මෙහිදී අප අපගේ හැකියාවන් හඳුනාගත යුතුයි. සියළු දෙනා පවසන ආකාරයට ශ්‍රී ලංකාව කුඩා වීම තුළ වාසි රැසක් තිබෙනවා. අපට විශාල වියළි කලාපයක් තිබෙනවා වගේම අපේ ජනගහනය මිලියන 22යි. ඒ නිසා අපට අතිරික්ත හරිත බලශක්තියක් ලැබෙනවා. අප දැන් සූර්ය බලය පමණක් නොව සුළං බලය, හයිඩ්‍රජන් බලය ආදිය පිළිබඳව ද අවධානය යොමු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට මේ මොහොතේ සැලසුම් සකස් කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම නැහැ. ඒ නිසා ඒ විශේෂඥ දැනුම ලබා ගැනීමට නව සැලැස්මක් සකස් කිරීම සඳහා බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වෙත සහ අපේ ද්විපාර්ශ්වික හවුල්කරුවන් වෙත යොමු වෙනවා. අප දැන් හරිත ආර්ථිකයකට පරිවර්තනය වෙමින් සිටිනවා. මම පසුගිය වසරේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ඉදිරිපත් කළා. මේ වසරේ COP 28 හිදී, අප ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අප උත්සාහ කරන්නේ වසර 2040 වන විට ශුද්ධ විමෝචනයට ළඟා වීමටයි. එය අපහසු කාර්යයක් නොවෙයි. නමුත් මේ සඳහා වියදමක් දැරීමට සිදුවෙනවා. ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 100 කට වඩා අවශ්‍ය වෙනවා. වාසනාවකට ඒ එක් අවුරුද්දක් සඳහා නොවෙයි. එය අවුරුදු විස්සක් පුරා පවතින ව්‍යාපෘතියක්. ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවල මෙම වෙනස ප්‍රවර්ධනය කිරීම සඳහා, අප ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය( ICCU) ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. මෙම දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවට පමණක් සීමා වන විශ්වවිද්‍යාලයක් නොවෙයි. එය ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගේ ද විශ්වවිද්‍යාලයක් වනු ඇතියි. එය ඉදිකිරීම සඳහා දැනටමත් කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක් අප වෙන් කර තිබෙනවා. තෙවනුව, ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස සඳහා මුදල් යෙදවීමේ හැකියාව වර්ධනය කරනවා. ඇත්ත වශයෙන්ම දේශගුණික අරමුදල් පිළිබඳ හැකියාව සහ සාකච්ඡා ප්‍රධාන වශයෙන් ගෝලීය උතුරට, බහුපාර්ශ්විකයන්ට සහ චීනය, ඉන්දියාව වැනි විශාල රටවල් කිහිපයකට පමණක් සීමා වී තිබෙනවා. අප සියළු දෙනාටම එම හැකියාව නැහැ. හරිත ආර්ථිකය වෙත ගමන් කරන නිසා , අප එම අරමුදල් යෙදවීමේ හැකියාව ගොඩනගමින් සිටිනවා. ඒ නිසා මම ඉහළ මට්ටමේ කණ්ඩායමක් ඒ වෙනුවෙන් පත් කරනු ලැබුවා. ආර්ථික ස්ථායීතාවය පිළිබඳ උපදේශකවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති, සහ පරිසර ආමත්‍යාංශයේ ලේකම්, ඇතුලත් මේ කණ්ඩායම නිරීක්ෂණය කරන්නේ ශ්‍රී ලංකාව පමණක් නොවෙයි. ගෝලීය වශයෙන් සිදුවන සාකච්ඡාවලට සහභාගි වන්නේද මෙම කණ්ඩායමයි. මන්ද යත් ගෝලීය දකුණේ නොමැති එකම දේ මෙයයි. අපට ඒ විශේෂඥ දැනුම නැහැ. දේශගුණික මූල්‍යකරණය සම්බන්ධයෙන් අප එය ගොඩ නගා නැහැ. මෙම සාකච්ඡාව COP28 සඳහා පෙරවදනක් වනු ඇතියි. COP28 යනු ගෝලීය තක්සේරුවක් සිදු කරන වැදගත් රැස්වීමක් බව කිව යුතුයි. අපට COP 28 සාර්ථක කරගන්න වෙනවා. ශ්‍රී ලංකාව නිසැකවම ඊට සහභාගී වෙනවා වගේම , එය සාර්ථක කර ගැනීමේ අරමුණින් අපේ අදහස් ප්‍රබල ලෙස ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ජනාධිපතිවරයා පැවසිය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම පළමු ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුව සාර්ථක කර ගැනීම වෙනුවෙන් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ ලෝක බැංකුවේ නියෝජිතයින් විසින් ලබා දුන් සහය වෙනුවෙන් සිය ස්තූතිය පළ කර සිටියේ ය. එසේම මෙම වසරේ පැවැත්වීමට නියමිත COP28 සමුළුව නියෝජනය කරන ශ්‍රී ලංකා දූත මණ්ඩලයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වය දරනු ලබන බව ද සඳහන් කළේය.

ලෝක බැංකුවේ පරිසරය පිළිබඳ ගෝලීය අධ්‍යක්ෂිකා වැලරි හිකී (Valerie Hickey) මහත්මිය ද මෙම සමාරම්භක අවස්ථාව ඇමතුවාය.

කැබිනට් අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ කෘෂිකර්මය පිළිබඳ ආසියානු කලාපයේ ප්‍රධානී ආචාර්ය පූර්වි මෙහෙතා, පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් සහ තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශේෂ ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.

Post Views: 16
Previous Post

මම බෙදන්නේ මගේ නෑදැ හිතවතුන්ට නෙවෙයි. රටේ ජනතාවට විතරයි – විපක්ෂ නායක සජිත්

Next Post

සිසු දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්‍ෂා කිරීමට සමාජ බුද්ධි අංශයක් පිහිටුවීමට සැලසුම්

editor

editor

Next Post

සිසු දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්‍ෂා කිරීමට සමාජ බුද්ධි අංශයක් පිහිටුවීමට සැලසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියානු Rocket ආරම්භක සමාගමෙන්  ව්‍යාපාරික උපායමාර්ග සැලසුම් කරන  නවතම AI වේදිකාවක්

ඉන්දියානු Rocket ආරම්භක සමාගමෙන් ව්‍යාපාරික උපායමාර්ග සැලසුම් කරන නවතම AI වේදිකාවක්

7 April 2026
Yahoo Japan සහ Line ඒකාබද්ධ වූ  LY Corporation වෙතින් ‘Flava’ නමින්  නව ඒකාබද්ධ ක්ලවුඩ් (Cloud) පද්ධතියක්

Yahoo Japan සහ Line ඒකාබද්ධ වූ LY Corporation වෙතින් ‘Flava’ නමින් නව ඒකාබද්ධ ක්ලවුඩ් (Cloud) පද්ධතියක්

7 April 2026
Intel සමාගම Google සහ Amazon සමඟ  උසස් චිප් ඇසුරුම්කරණ ගනුදෙනු සඳහා  සාකච්ඡා පවත්වයි

Intel සමාගම Google සහ Amazon සමඟ උසස් චිප් ඇසුරුම්කරණ ගනුදෙනු සඳහා සාකච්ඡා පවත්වයි

7 April 2026
දකුණු කොරියාවෙන්  අඩු ආදායම්ලාභීන් සඳහා  මාස 3ක් ඇතුළත Financial Ladder ණය යෝජනා ක්‍රමයක්

දකුණු කොරියාවෙන් අඩු ආදායම්ලාභීන් සඳහා මාස 3ක් ඇතුළත Financial Ladder ණය යෝජනා ක්‍රමයක්

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Yahoo Japan සහ Line ඒකාබද්ධ වූ  LY Corporation වෙතින් ‘Flava’ නමින්  නව ඒකාබද්ධ ක්ලවුඩ් (Cloud) පද්ධතියක්

Yahoo Japan සහ Line ඒකාබද්ධ වූ LY Corporation වෙතින් ‘Flava’ නමින් නව ඒකාබද්ධ ක්ලවුඩ් (Cloud) පද්ධතියක්

7 April 2026
Intel සමාගම Google සහ Amazon සමඟ  උසස් චිප් ඇසුරුම්කරණ ගනුදෙනු සඳහා  සාකච්ඡා පවත්වයි

Intel සමාගම Google සහ Amazon සමඟ උසස් චිප් ඇසුරුම්කරණ ගනුදෙනු සඳහා සාකච්ඡා පවත්වයි

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved