27 April 2024
#දේශීය

කොළඹ නාගරික බල ප්‍රදේශයේ දඩය අය නොකර වරිපනම් ගෙවන්න පුළුවන්

2020 පළමු කාර්තුව සඳහා 2020.05.31 දින දක්වා දඩ මුදල් අය කිරීමකින් තොරව වරිපනම් ගෙවීම සඳහා කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ ජීවත්වන ජනතාව වෙත අවස්ථාව ලබාදී ඇති බව කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණී දිසානායක මහත්මිය පැවසුවාය.

ඒ අනුව මාර්ගගත ක්‍රමය (Online ) ඔස්සේ සහ ලංකා බැංකුව හා මහජන බැංකු ශාඛා මගින් වරිපනම් ගෙවීම් සිදුකළ හැකි අතර, ඊට අමතරව කොළඹ මහ නගර සභා පරිශ්‍රය වෙත පැමිණ වරිපනම් කවුළු මගින්ද ගෙවීම් සිදුකළ හැකිය.

මේ සඳහා සතියේ සෑම දිනකම පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා වරිපනම් කවුළු විවෘතව පවතින බව කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණී දිසානායක මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

 

 

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *