ළමුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සඳහා වන නව නීති සම්පාදන කටයුතුවලට අදාළ යෝජනා ලබන සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය විශේෂඥ උපදෙස් ලබා ගැනීමට එම සංගමය කටයුතු කර ඇති බවයි.
මෙම නව නීතිරීතිවලට අනුව වයස අවුරුදු 13ට අඩු දරුවන් සමාජ මාධ්‍ය භාවිත කළ යුත්තේ දැඩි කාල සීමාවන්ට යටත්ව සහ දෙමාපියන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පමණක් බව යුරෝපා සංගමය අවධාරණය කරයි. දරුවන්ගේ මානසික සහ සමාජයීය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
















