ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 270කින් පරාජය කරමින් සුවිශේෂී ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ ලොව ප්‍රථම කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙස ඉතිහාසගත වීමටද ඔවුන්ට හැකි විය. ලෝඩ්ස් පිටියේදී පැවති ප්‍රථම කාන්තා ටෙස්ට් තරගය මෙය වීම නිසා මෙම ජයග්‍රහණය ලෝඩ්ස් ක්‍රිකට් ඉතිහාසයට අලුත් පිටුවක් එකතු කර තිබේ.
දෙරට අතර පැවති මෙම එකම ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 285ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස එංගලන්තයට ලබාගත හැකිවූයේ ලකුණු 170ක් පමණි. අනතුරුව ලකුණු 115ක වාසියක් සමගින් දෙවන ඉනිම ඇරඹූ ඉන්දීය කණ්ඩායම කඩුලු 7කට ලකුණු 341ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවමින් එංගලන්තයට ලකුණු 457ක දැවැන්ත ඉලක්කයක් ලබාදුන්නේය. කෙසේ වෙතත් එම දැවැන්ත ඉලක්කය හඹාගිය එංගලන්ත කණ්ඩායමට දෙවන ඉනිමේදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 186ක් පමණි.
















