යුරෝපය පුරා පැතිර පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් පෙර නොවූ විරූ මට්ටමේ උෂ්ණත්වයන් වාර්තා වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අසාමාන්‍ය කාලගුණික වෙනස නිසා ප්‍රංශයේ ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 41ක් ඊයේ (24) වාර්තා වී තිබේ. මීට අමතරව බ්‍රිතාන්‍යයෙන් ද වාර්තාගත උෂ්ණත්වයන් වාර්තා වී ඇති අතර, ස්පාඤ්ඤයෙන් 1950 වසරෙන් පසු වාර්තා වූ ඉහළම දෛනික සාමාන්‍ය උෂ්ණත්වය ඊයේ වාර්තා වීම විශේෂත්වයකි.
මෙම තත්ත්වය හේතුවෙන් යුරෝපයේ ජන ජීවිතයට සහ පරිසරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත්, බලධාරීන් ඒ පිළිබඳව ජනතාව දැඩි ලෙස දැනුවත් කරමින් කටයුතු කරන බවත් වාර්තා වේ.
















