27 April 2024
#විදෙස්

යුරෝපය උණුසුම් වෙයි

යුරෝපයේ රටවල් රැසක වාර්තා ගත ලෙස උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දශක ගණනාවකින් අනතුරුව යුරෝපය උෂ්ණත්ව වාර්තා අලුත් කිරීමට ආසන්න බව එරට කාලගුණ බලධාරින් සදහන් කර තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ස්පාඤ්ඤය හා පෘතුගාලය යන රයනල උෂ්ණත්වය සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන බවයි.

අද සහ හෙට දින තුළ එම රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 ඉක්මවනු ඇතැයි අනාවැකි පළ වී ඇති බව වාර්තා වේ.

1977 වසරේ ජුලි මාසයේ දී සෙල්සියස් අංශක 48ක වැඩිම උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ ග්‍රීසියේ ඇතෑන්ස් නුවරින් ය. එම වාර්තාව මේ වන විට බිඳ හෙළිමට ආසන්න බව කාලගුණ බලධාරීන් පෙන්වා දී ඇත.

බ්‍රිතාන්‍ය උෂ්ණත්වය ද සෙල්සියස් අංශක 33 ඉක්මවනු ඇති බවට අපේක්‍ෂා කෙරේ.

මෙම අධික උෂ්ණත්වය හේතුවෙන් බොහෝ පිරිසක් දැඩි පීඩාවට ලක්ව සිටී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *