27 April 2024
#ව්‍යාපාර

OPPO හවුල්කරුවන්ට විශේෂ විදේශ සංචාරයක්

තම ප‍්‍රමුඛතම ව්‍යාපාරික හවුල්කරුවන් වෙනුවෙන් විශේෂ විදේශ සංචාර වැඩසටහනක් ක‍්‍රියාවට නැංවීමට OPPO සමාගම මෑතකදී කටයුතු කර ඇත. මේ යටතේ තෝරාගන්නා ලද 21 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායමට තායිලන්තයේ ,බැංකොක් සහ පතායා නගරවල සංචාරය කිරීමේ අවස්ථාව හිමි විය.

‘‘අපගේ සැබෑම ශක්තිය වන්නේ අපගේ ව්‍යාපාරික හවුල්කරුවනුයි. ඔවුන්ගේ දායකත්වය නිසා ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ මෙතරම් සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට අපට හැකිවී තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට මෙවැනි ඇගයීමක් තිළිණ කිරීමට ලැබීම සතුටක්. අනාගතයේදී තවතවත් මෙවැනි වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” OPPO Sri Lanka සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

ව්‍යාපාරික හවුල්කරුවන් කණ්ඩායම සමග සංචාරයට OPPO Sri Lanka සමාගමේ අලෙවි කළමනාකරු ඒරන් යා ඕ මහතාද සහභාගි විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *