• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

සදාහරිත සමාගමෙන් පාරිභෝගිකයින්ට විශ්වාසයේ ප්‍රතිලාභ පිරිනමයි

4 March 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරය මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට අගාවුඩ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාකම් පිරිනැමිය.

එහිදී ආයෝජකයින් සඳහා විශ්වාසයේ ප්‍රතිලාභ අත් කර දෙමින් මුදල් පිරිනැමීමේ අවස්ථාව සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ. පවතින සෞඛ්‍ය හා ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්, සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම අවස්ථාව උත්කර්ෂවත් අන්දමින් පැවැත්විමට කටයුතු යොදා තිබිණි. ශ්‍රී ලංකාවට අගාවුඩ් වගාව හඳුන්වා දීමේ පුරෝගාමියා වන සදාහරිත සමාගම නෑබඩ ප්‍රදේශයේ සිය ප්‍රථම අගාවුඩ් වන වගා ව්‍යාපෘතිය සඳහා ආයෝජන සිදු කල ආයෝජකයින්ගේ අගාවුඩ් අස්වනු මෙලෙස මිලදී ගෙන මුදල් ප්‍රතිලාභ පිරිනැමිය.

 

ආසියාව තුළ වන වගා කළමණාකරණයේ ඉදිරියෙන්ම සිටින්නා වූ නවෝත්පාදන සමාගම බවට පත් වෙමින්, සදාහරිත සමූහ ව්‍යාපාරය සුරක්ෂිත ආයෝජන මාර්ග තහවුරු කර ඇත. සදාහරිත සමූහ ව්‍යාපාරය ආයෝජකයින් 35,000ක් සමඟ අත්වැල් බැඳ ගනිමින් ඔවුන්ට ඉහළ වාණිජමය වටිනාකම් හිමිකර දෙමින් රටේ වනාන්තර ආවරණය සංරක්ෂණය කිරීමට සහය වී තිබේ. සමාගම දශක දෙකකට ආසන්න කාලයක් පුරා පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් ඔවුන්ට උපරිම ලාභ අත් කර දීමට කැපවී සිටි. එහිදී මිට වසර 7කට පෙර නෑබඩ අගාවුඩ් ව්‍යාපෘතියේ ආයෝජන සිදු කල ආයෝජකයින්ට ගිවිසුම් ප්‍රකාරව අගාවුඩ් ශාකයක් සඳහා සමාගම පොරොන්දු වූ රු 25,000ක වටිනාකම දෙගුණ කරමින් රු 50,000ක ඉහළ වටිනාකමක් පිරිනැමිය. මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු කල යුතු වැදගත් කරුණක් නම් එම වටිනාකම බැංකු පොලී අනුපාතය සමඟ ගත් කල 22.4%ක ඉහළ වාර්ෂික ප්‍රතිලාභ හිමිකර දීමක් වීමය.

 

ගෝලීය අගාවුඩ් වෙළඳ පොළ තුළ ස්ථාවර එකම ශ්‍රී ලාංකික සන්නාමය වන සදාහරිත අගාවුඩ් ලෝකයට ඉහළම ගුණාත්මක බවින් යුතු අගාවුඩ් සැපයීමට නිරතුරුවම කැපවී සිටී. එහිදී තාක්ෂණය සහ නව්‍යකරණයන් තුළින් උසස් ගුණාත්මක අගවුඩ් නිෂ්පාදනය කිරීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන අංශයක් සහ විශේෂඥ දැනුමින් යුතු කාර්යය මණ්ඩලයක් සදාහරිත සමාගම සතුය. ලෝක වෙළඳපොල හැසිරීම පිළිබඳව සිදු කරන ලද ජාත්‍යන්තර පර්යේෂණ වාර්තා සලකා බැලීමේදී ඉදිරි වසර 10 තුල ලෝක අගාවුඩ් වෙළඳපොලේ ඉදිරි පෙළේ සමාගම 10 අතරට සදාහරිත වැවිලි සමාගම ද නම් කර ඇත.

 

ශ්‍රී ලංකාවට විදේශ විනිමය උල්පතක් බඳු අගාවුඩ් වන වගාව හදුන්වා දීමේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතා, සදාහරිත හා අත්වැල් බැඳගත් ආයෝජකයින්ට සිය ප්‍රතිලාභ හිමිකර දෙන අවස්ථාවේ මෙලෙස අදහස් ප්‍රකාශ කළේය. “අද දිනය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් දිනයක් බවට පත් කරමින් නිත්‍යානුකුල අගාවුඩ් ආයෝජකයන්ගේ අස්වැන්න මිලදී ගෙන ඔවුන්ට බලාපොරොත්තු වූවාටත් වඩා ඉහළ ප්‍රතිලාභ හිමිකරදීමට හැකිවීම පිළිබඳව මා බෙහෙවින්ම සතුටු වනවා. ජේමිස් ටේලර් ශ්‍රී ලංකාවට තේ වගාව හදුන්වා දුන්නා සේම ශ්‍රී ලංකාවට අගාවුඩ් හඳුන්වා දීමේ පුරෝගාමියා විමේ ගෞරවය අප සතු වීම පිළිබදව අපි නිහතමානීව සතුටු වනවා. අගාවුඩ් හඳුන්වා දීම හරහා රටට විදේශ විනිමය ගෙන දීමත්, දේශීය ආයෝජකයින් ශක්තිමත් කිරීමත්, සොබා දහමේ ආරක්ෂාවත් අපි නිසි අයුරින් දිගුකාලීනව සැලසුම් කරන ලද්දක්. සමාගමක් ලෙස ගනුදෙනුකරුවන්ට හොඳම දේ ලබා දිය යුතු බව මා විශ්වාස කරනවා. ඒ කෙරෙහි වසර 19ක් පුරා අපගේ ගනුදෙනුකරුවන් විශ්වාසය තබා තිබෙනවා. සත්‍ය නම් අප අලෙවි කරන ලද්දේ සමාගමක් ලෙස අප දිනු විශ්වාසයයි. පාරිභෝගිකයින් විසින් අපව ආරක්ෂා කරන ලද්දේත් එම විශ්වාසය මතයි. එය දුරටත් තහවුරු කරමින් පර්යේෂණ හා සංවර්ධනය තුළින් අගාවුඩ් ක්ෂේත්‍රයේ තාක්ෂණය සහ නව්‍යකරණයන් මත ගනුදෙනුකරුවන්ට ඉහළම ප්‍රතිලාභ අත්කර දීමට අප කැපවී සිටිනවා. සමාගමක් ලෙස අප පැමිණි දුගු ගමගේ අප කෙරෙහි විශ්වාසය තැබූ සියලුම ගනුදෙනුකාර භවතුන්ට මගේ හදපිරි ස්තුතිය පුද කරීමට කැමතියි.”

 

සදාහරිත සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂක, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ප්‍රදීප් එඩ්වර්ඩ් මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසීය “සදාහරිත සමූහ ව්‍යාපාරය වාණිජ වන වගාවේ පුරෝගාමියා ලෙස අගාවුඩ් සඳහා ඉහළ පෙලේ වෙළඳපල වටිනාකමක් සහතික කර තිබෙනවා. අන්තර්ජාතික සහයෝගීතාවය යටතේ ඉල්ලුමට සරිලන නිෂ්පාදිතය සෘජුවම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අගාවුඩ්, අපගේ ආයෝජකයින්ගෙන් සෘජුවම මිලදී ගෙන ඔවුන්ට ඉහළ ප්‍රතිලාභ අත්කර දෙනු ලබනවා. එය ගනුදෙනුකරුවන් සඳහා ස්ථිර අදායම් මාර්ගයක් වන අතර රටට විදේශ විනිමය උපයන ක්‍රියාවලියක්ද වනවා.සමාගමේ දශක දෙකක දිගු ගමනේ සුවිශේෂි සංධිස්ථානයක් සනිටුහන් කරමින අද සිදු කරනු ලබන මෙම මුල්‍ය ප්‍රදානය හෙට දවසේ ශ්‍රී ලංකාවේ අගාවුඩ් ක්ෂේත්‍රයේ නව මංපෙත් විවර කරනු ඇති බවට අපට විශ්වාසයි.”

 

සදාහරිත සමූහ ව්‍යාපාරයේ අලෙවි හා විකිණුම් අධ්‍යක්ෂක ජයම්පති මිරැන්ඩෝ මහත්මා ද මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “මා මෙය අවස්ථාවක් කර ගන්නවා අපගේ තිස්පන්දහසකට අධික පාරිභෝගික ජනතාවට ස්තුතිය පුද කිරීමට. අගාවුඩ් සඳහා ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල් වරට මෙලෙස මුදල් ප්‍රධානය කිරීමට අපට හැකියාව ලැබුණේ පාරිභෝගික ජනතාව වෙත විශ්වාසනීය සහ හෘදයාංගම සේවාවක් ලබා දීමට හැකියාව ලැබුණු නිසයි. එම විශ්වාසය තවත් ශක්තිමත් කරමින් පාරිභෝගික ජනතාවට උසස් සේවාවන් ලබා දීමට අප කැප වී සිටිනවා”

පිටපත – Communique PR

 

 

Post Views: 5
Previous Post

දරුවන් සඳහා දුරස්ථ අධ්‍යාපන ඉහල නැංවීම කාලින අවශ්‍යතාවක් – අධ්‍යාපන ඇමති

Next Post

පාස්කු වාර්තාව ලබන 10 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට

editor

editor

Next Post

පාස්කු වාර්තාව ලබන 10 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

4 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
පිළියන්දල ගින්නක්

පිළියන්දල ගින්නක්

4 June 2025
අද වහින්නේ මෙහෙමයි

අද කාලගුණය

4 June 2025

Recent News

අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

4 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
පිළියන්දල ගින්නක්

පිළියන්දල ගින්නක්

4 June 2025
අද වහින්නේ මෙහෙමයි

අද කාලගුණය

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

4 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved