• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමට සියලුදෙනාගේ දායකත්වය අවශ්‍යයි – ජනපති

2 June 2021
in දේශීය

ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බවත් අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ දී සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවත් පැවසූ ජනාධිපතිවරයා කර්මාන්තශාලා සහ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පළාත් ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති මාසික හමුවේ දීය.

කර්මාන්තශාලාවක් හෝ සංවර්ධන ව්‍යාපෘතියක් ආශ්‍රිතව ආසාධිතයෙකු හඳුනාගත් විට එම කර්මාන්තශාලාව හෝ ව්‍යාපෘතිය එක්වරම වසා දමනු වෙනුවට සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් අඛණ්ඩව පවත්වාගෙන යා හැකි පරිසරය විමසීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සංචරණ සීමා හමුවේ ජන ජීවිතයට එල්ල වී ඇති අභියෝග සහ ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

නිසි සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් කර්මාන්ත සහ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට රජය උපදෙස් දී තිබුණ ද ප්‍රාදේශීයව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මකවීමේ දී අඩු පාඩු පැවති බවට කරුණු වාර්තා වී ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

ප්‍රාදේශීය මට්ටමින් ගොවීන්ගේ එළවළු සහ පළතුරු අතිරික්ත මිලට ගෙන බෙදාහැරීමේ යාන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ගොවි ආර්ථිකය බිඳ වැටීමට ඉඩ නොතැබීම අදාළ සියලු පාර්ශ්වයන්ගේ වගකීම බව කියා සිටියේය.

දේශීය අරමුදල් සහ විදේශීය ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති අදාළ ඉලක්ක නිසි ලෙස පූර්ණය කළ යුතුය. රජය විසින් ක්‍රියාත්මක කොට ඇති වැව් දස දහසේ වැඩසටහන, මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීම, ජාතික පාසල් දහස, නිවාස, ප්‍රාදේශීය රෝහල්, පානීය ජලය, පුනර්ජනනීය බලශක්තිය වැනි ව්‍යපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට රාජ්‍ය අමාත්‍යවරුන් සහ එම ලේකම්වරු සමග සෘජු සබඳතා පවත්වා ගනිමින් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්ට සහ දිසාපතිවරුන්ට උපදෙස් දුන්නේය.

එන්නත්කරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙරටට අවශ්‍ය සම්පූර්ණ එන්නත් ප්‍රමාණය මේ වන විට ලැබෙමින් පවතී. විද්‍යානුකූලව හා නිසි සැලැස්මකට අනුව එම ක්‍රියාවලිය සිදු කෙරෙන බව පැවසූ ජනාධිපතිවරයා එහිදී ජනතාව අසීරුතාවයට පත් නොවන අන්දමින් සෞඛ්‍ය අංශවලට අවශ්‍ය සහාය තවදුරටත් ලබාදීම දේශපාලන අධිකාරියේ මෙන්ම ආණ්ඩුකාරවරුන් ප්‍රමුඛ සමස්ත රාජ්‍ය නිලධාරීන්ගෙන් තමා අපේක්ෂා කරන බව ද පැවසීය.

ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර නොමිලේ ලබාදීමට රජය තීරණය කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමේ අභියෝගය ජයගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ද ආණ්ඩුකාරවරුන්ට කීය. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කුඩා ව්‍යාපාරිකයන්ට සහ ගොවි සමිති වලට අවශ්‍ය ආධාර හා රාජ්‍ය බැංකු හරහා සහන පොළියට ණය ලබාදීමට රජය සැලසුම් කර ඇති බව ද සඳහන් කෙරිණ.

පවතින වසංගතය පාලනය කරමින් ජන ජීවිතය සුරක්ෂිත කිරීමට සහ අභියෝග හමුවේ වුවද රටේ ඉදිරි වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ කැපවීම ආණ්ඩුකාරවරුන්ගේ පැසසුමට ලක් විය.

වරාය, දුම්රිය, රේගු, ඉන්ධන සැපයුම්, පොදු ප්‍රවාහන සේවා, බැංකු, පළාත් පාලන ආයතන අත්‍යාවශ්‍ය සේවා ලෙස ගැසට් කිරීම තම කටයුතු පවත්වාගෙන යාමට විශාල සහනයක් වූ බව දිස්ත්‍රික් ලේකම්වරු පෙන්වා දුන්හ.

පළාත් ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Post Views: 9
Previous Post

සංචරණ සීමා ලබන 14 තෙක් දිර්ඝ කරයි – යුධ හමුදාපති

Next Post

ක්‍රිඩකයින් 60 කට විසි පන්දහසේ මාසික පෝෂණ දීමනාව ඇමැති නාමල් ප්‍රධානත්වයෙන් ලබා දෙයි

editor

editor

Next Post

ක්‍රිඩකයින් 60 කට විසි පන්දහසේ මාසික පෝෂණ දීමනාව ඇමැති නාමල් ප්‍රධානත්වයෙන් ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved