• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඒකාධිපති පාලනයකට යොමු වන ත්‍රස්ත විරෝධි පනත පරාජය කරනවා – විපක්ෂ නායක සජිත්

20 April 2023
in දේශීය

මහාසංඝරත්නය, බහු ආගමික නායකයන්, බහු ජාති සංවිධාන සහ සිවිල් ප්‍රජාව ඇතුළු බහුතරයක් ජනතාව රජය ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රස්ත විරෝධි පනතට විරුද්ධ බවත් මෙම පනත ඉතා භයංකාර පනතක් බවත් එම ප්‍රකාශයට තමා ද එකඟ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද ත්‍රස්ත විරෝධි පනත සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ත්‍රස්ත විරෝධි පනත හරහා ගෙන එන රාජ්‍ය මිලේච්ඡත්වය, ත්‍රස්තවාදය හරහා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය විනාශ කිරිම මේ ආණ්ඩුවේ ඒකායන අරමුණ බවත් මේ අරමුණ පරාජය කරන්න සියලුම ප්‍රගතිශීලී බලවේග ඒකරාශී කරමින් සිටින බවත් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙන සමග එක්ව මෙය පරාජය කර පසුව මහජනතාව සහ සිවිල් සංවිධාන සමඟ එකට එකතු වී රජය ක්‍රියාත්මක කරන්න යන මේ ඒකාධිපති මිලේච්ඡ පනත සහමුලින්ම විනාශ කරන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය සෑම විටම ජනතා අයිතීන් කෙලෙසන්න උත්සාහ කරන බවත් විවිධ රාජ්‍ය බලවේග උපයෝගී කර ගෙන ජනතා අයිතිය සුරා කන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාවගේ මැතිවරණ අයිතිය පමණක් නොව මානව අයිතීන්ද මේ රජය උල්ලංඝනය කරන බව යි.

මෙවැනි තත්ත්වයක් පැවැතියහොත් ඉදිරියේ දී රට ඒකාධිපතීත්වයකට යාමක් බවත් ජනාධිපති උත්සාහ කරන්නනේ ජන වරමින් ලබා ගත නොහැකි බලය රාජ්‍ය මිලේච්ඡත්වය හරහා ලබා ගැනීමට බවත් මේ ජනතා මර්ධන උත්සාහ පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

Post Views: 7
Previous Post

මාතලේ නගර සභාවේ ඉෆ්තාර් උත්සවයක්

Next Post

දරුවන්ගේ අනාගතය ගැන සියලුදෙනා ප්‍රවේසම් විය යුතුයි – මන්ත්‍රී සංජීව

editor

editor

Next Post

දරුවන්ගේ අනාගතය ගැන සියලුදෙනා ප්‍රවේසම් විය යුතුයි - මන්ත්‍රී සංජීව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved