27 April 2024
#දේශීය

රටේ අනාගතය වෙනුවෙන් සියළු දෙනා එකට එක්ව කටයුතු කල යුතුයි – අධ්‍යාපන ඇමැති

අපේ රටේ අනාගතය වෙනුවෙන්, අපේ දරුවන් අපේ අනාගත පුරවැසියන් ලෙස ගොඩ නැගීමේ පෞර්ෂයත්වයත් ඇති අපේ රටට දායක වූ දියුණුවේ කේන්ද්‍රීය බලය එකතු කිරීමට දැනුම කේන්ද්‍රීය අධ්‍යාපනයක් සඳහා සියලු දෙනා එකට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා අද (01) පාර්ලිමේන්තු අය වැය කාරක සභා අවස්ථාවේ, අධ්‍යාපන අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයේදී මෙසේ අදහස් පල කලේය.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි,

රටක ජීවනාලිය බඳු අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය විෂය හා අදාළ වැය ශිර්ෂය අනුමත කර ගැනීමට සාකච්ඡා වෙන අවස්ථාව ඉතාම වැදගත් අවස්ථාවක්. පළවෙනියෙන් අපි සඳහන් කරන්නට ඕන, සිහිපත් කරන්නට ඕන පාසල් අධ්‍යාපනයේ පළමු වසරේ සිට දිගටම අරමුණ අපි කාගේත් අපේ දරුවන් මනුෂ්‍ය පෞර්ෂයේ සමස්ථ වර්ධනය අධ්‍යාත්මක මෙන්ම සදාචාර සම්පන්න, සමාජ සංස්කෘතික හා ආර්ථික ප්‍රගතිය ඇති කරන ශක්තිමත් පුරවැසියන් බවට පත් කිරීමයි. මේ නිසාම අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විෂයන් වගේම ආයතන වගේම අපේ ආගමික බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාමීය අනෙක් අධ්‍යාපන ක්‍රමයන්ද දායක වන අධ්‍යාපන රටාවක් සහ පරිසරයක් තුළ අපේ සමාජය ගොඩ නැගීමේ කර්තව්‍යයට යෙදෙන්න ඕනේ. මේ තමයි නිදහස් අධ්‍යාපනයේ ආදි කතෘවරු අද වෙනකොට අවු 100ක් වෙනවා පළමුවන අධ්‍යාපන පනත ගෙනල්ලා, නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමා ආරම්භ කළ ව්‍යාපාරයට. මගේ කලින් කතා කරපු රවුෆ් හකීම් මැතිතුමා සඳහන් කළා නිදහස් අධ්‍යාපනයට අත තබනවයි, එය විනාශ වෙන්න ඉඩ තබනවයි කියලා. මම ඇමතිතුමා එක්ක වාදයකට යන්න මට වේලාව නැති නිසා එය වෙනම වාද කරමු කියලා මම ඉතාම ඕනෑකමින් කියනවා. ප්‍රකාශයන් නිකුත් කරන අය දැන ගන්න ඕන ඒ ප්‍රකාශ වල බරපතළකම.

මම විශේෂයෙන් විපක්ෂයට කියනවා, අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට සියලු දෙනා එකමුතුව අපේ රටේ අනාගතය වෙනුවෙන්, අපේ දරුවන් අපේ අනාගත පුරවැසියන් ලෙස ගොඩ නැගීමේ ඒ පෞර්ෂයත්වයත් ඇති අපේ රටට දායක වූ දියුණුවේ කේන්ද්‍රීය බලය එකතු කිරීමට දැනුම කේන්ද්‍රීය අධ්‍යාපනයක් සඳහා සියලු දෙනා එකට කටයුතු කළ යුතුය. මම පළවෙනියෙන්ම වැරදි මතයක් යන්නට ප්‍රථම කියන්න ඕන, කිසිම ජනමාධ්‍ය හෝ පළවන ප්‍රවෘත්තී මත නීතී රීතී ඇතිවන්නේ නැහැ. නීතී රීතී ඇතිකරන්න මත්තෙන් අනුමත කරන ජාතික වැඩ පිළිවෙළවල් තියෙනවනම් අපේ අමාත්‍යංශයෙන් එ් සෑම වැඩ පිළිවෙළක්ම පාර්ලිමේන්තුවේ පළමුව සාකච්ඡා කොට තමයි පාර්ලිමේන්තුවේ සම්මත කිරීමකට පැමිණෙන්නේ. I give you that assurance. Nothing will be rushed.

ගරු ඇමතිතුමාට වගේම මම ස්තූතිවන්ත වෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, ඒතුමාගේ විෂය ගැන පැහැදිලි කරයි. දහම් පාසල් අධ්‍යාපනය, විජිත බේරගොඩ මැතිතුමා එතුමාගේ විෂය ගැන කරුණු කියයි. කාන්තා ළමා සංවර්ධන පෙරපාසල් ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් ගරු අමාත්‍ය පියල් නිශාන්ත ඇමතිතුමා, ඒ රාජ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ කරුණු වලට පිළිතුරු දෙයි. ඒ ක්ෂේත්‍රයේ පවත්වාගෙන යන වැඩසටහන් පැහැදිලි කරයි. ඒ වගේම නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණය අමාත්‍යතුමිය ගරු වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය විශේෂයෙන්ම ස්තූතී වන්ත වෙනවා.

මෙම අමාත්‍යංශය එලෙස අතිගරු ජනාධිපතිතුමා එතුමා සෞභාග්‍යයේ දැක්ම වැඩ සටහන යටතේ සකසා ඉදිරියට ගමන් කරන්නෙ ක්ෂේත්‍ර රාශියම පොදුවේ අධ්‍යාපනයට සම්බන්ධ ක්ෂේත්‍ර හැටියට පමණක් නොව මීට අමතරව අධ්‍යාපන ක්ෂේත්‍රය ගරු නියෝජ්‍ය කථානායකතුමනි ඔබතුමා දන්නවා, අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ දෙපාර්තමේන්තු ඇතුළේත් විවිධ ආයතන ඇතුළේත් අධ්‍යාපනය ක්‍රම, පුහුණු කිරීම්, කාර්මික පුහුණු කිරීම විවිධ පාඨමාලා යනවා. ඒ සමස්ථ ප්‍රශ්නයක් ලෙස අපි ජාතික අධ්‍යාපනයේ ඉදිරි දියුණුව දකින්න කැමතියි.

මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන, බොහෝ අය සංඛ්‍යා ලේඛන සකස් කරන්නේ අපි ඉදිරියේ තිබෙන කාරණා පමණක් යොදාගෙන. මම හිතනවා මට පෙර කතා කරපු අපේ හිටපු අමාත්‍යතුමා උසස් අධ්‍යාපන ඇමතිතුමාට රවුෆ් හකීම් මැතිතුමාටත්, අමතක වන්න ඇති දැවැන්ත මුදලක් පළාත් සභා වැය ශීර්ෂයේ තිබෙනවා අධ්‍යාපනය සඳහා. ඒ නිසා අමතක කරන්න එපා, ඒ වැය ශීර්ෂයන් ඒකාබද්ධ කර ගනිමින් තමයි අධ්‍යාපන වැඩ සටහන ගමන් කරන්නේ. පසුගිය කාලයේ මෙතුමා සඳහන් කළේ කොවිඩ් අර්බුදය. ඔව් , අපි ඔබ කිසිවකු සූදානම් නොවුණු අර්බුදයක්. මුළු ලෝකේම Even the most development countries, most richest countries, came to a standstill. ඉතින් එහෙම වුණේ නෑ කියලා කියන්න පුළුවන්ද ? බැහැ. ඒ තත්ත්වයෙන් අපි රට ගොඩගැනීම සඳහා විවිධ අවස්ථාවල අධ්‍යාපනයේ පාසල් දරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගන්න, තරුණ ජීවිත ආරක්ෂා කර ගන්න, විශ්ව විද්‍යාලවල යෙදෙන අයගේ ජීවිත ආරක්ෂා කරගන්න රට වසා දමන්න සිද්ධ වුණා. මුළු සමාජයම වසා දැම්මා. අපි ඔක්තෝම්බර් මාසයේ 1 වැනිදා වෛද්‍ය උපදෙස් පිට විවෘත කළා. 21 වැනිදා තමයි පාසල් නිල වශයෙන් පටන් ගත්තේ. ඒ නිසා කෝවිඩ් අර්බුදය හරහා අපි හිස ඔසවමින් එනවා. යළිත් වරක් ලොවේ ඇති වී තිබෙන තත්ත්වයන් ගැන අවබෝධයෙන් අපේ රටේ ජාතික වශයෙන් කල්පනා කරන්නට අවශ්‍යයි කියන ටික මම විශේෂයෙන් මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. ඒ වගේම අපේ රටේ මුළු පාසල් 10155 තිබෙනවා. ජාතික පාසල් 373යි තිබෙන්නේ, කෙළින්ම අමාත්‍යාංශයේ සක්‍රීයව මඟ පෙන්වන. ඒ වගේම අනෙක් සියළු පළාත් සභා අධ්‍යාපනයටත් අමාත්‍යාංශය සක්‍රීයව ඒකාබද්ධව මඟ පෙන්වනවා.

ඒ වගේම අපේ රටේ ග්‍රාමීය අධ්‍යාපනය ආරක්ෂා කරගන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා මුදල් ඇමතිතුමාට අපේ ග්‍රාමීය පාසැල් ආරක්ෂා කරගන්ට අපට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා තිබෙනවා. අපට අවශ්‍ය ගුරුවරු, ගුරු පුහුණුව, විදුහල්පතිවරු සහ පාසැල් සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. පළාත් පාසැල් සංඛ්‍යාව 9782 අතරින් සිසුන් සංඛ්‍යා 50ට අඩු පාසැල් 1439ක් පවතිනවා. සිසුන් සංඛ්‍යාව සියයට අඩු පාසල් 2962ක් පවතිනවා. පසුගිය අවුරුදු 20 දිහා බලන කොට ක්‍රමානුකූලව පාසල් රාශියක් වැසී ගිහිල්ලා තියෙනවා. මම අධ්‍යාපන ඇමතිතුමා හැටියට පාසැල් වැසීමට එකඟතාවයක් පළ කරන්නේ නැහැ කියලා මම විශේෂයෙන් විපක්ෂයට කියන්නට ඕනේ. ඒ වගේම වසා දමපු පාසල්වල රජයට අයිති භූමි භාගයන් ගොඩනැගිලි ප්‍රයෝජනයකට පරිවර්තනය කරගන්නට ඕනෑ.

ඒ නිසා තමුන්නාන්සේලා එලෙස අපි හැරිලා බලලා විවේචනයක යෙදෙන්ට අද මේ සංවර්ධන වැඩ කටයුත්ත ගැන සඳහන් කරන ක්‍රියාවලිය ගැන කල්පනා කරලා සඳහන් කරන්න කියන එක මම කියනවා. ඊළඟට ගරු කථානායකතුමනි, පාසැල් වසා දැමීමෙන් පස්සේ අපිට සිද්ධ වුණා, මගේ කලින් අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා, ඩලස් අලහප්පෙරුම මැතිතුමාලට මම ස්තූතිවන්ත වෙනවා. අපිට සිද්ධ වුණා එතෙක් නිකුත් නොකරපු විභාග ප්‍රතිඵල කෙසේද නිකුත් කරන්නේ කියන අර්බුදේ.

අපි ඒක කෙසේ හරි විභාග දෙපාර්තමේන්තුවත් සමඟ නිකුත් කරන්න පුළුවන් වීමෙන් එහි ප්‍රතිඵලය මත උසස් පෙළ දක්වා ගමන් කරන්න ඒ ලක්ෂ ගණනක සිසු පරම්පරාවට පුළුවන් වී තිබෙනවා. ඒ වගේම අපි සාමාන්‍ය පෙළ විභාගය 2022 පෙබරවාරි මාසෙටත්, කල් දමන ලද පහේ පන්ති ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මාසේ 3 වෙනි සතියටත්, සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසෙටත් දින නියම කරලා තිබෙනවා. ඒ අනුව අපේ පාසැල්වල පන්තියෙන් පන්තිය කෙරෙන විෂයන්ගේ දැනුම එකතු කිරීමේ මහා කාර්ය භාරයට අපේ විදුහල්පතිවරු ගුරුවරු නිරත වෙනවා.

අපිට දැවැන්ත ප්‍රශ්නයක් තිබුණා. ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය.1994 විශාල මහා පෙරළියක් කරමින් රිචඩ් පතිරණ මැතිතුමා ඇති කරපු ඒ ගුරු ක්ෂේත්‍රයේ මහා ජයග්‍රහණයෙන් පස්සේ අවුරුදු 25ක් ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳලා තිබුණේ නැහැ. එය දැවැන්ත ප්‍රශ්නයක් ලෙස පිළිඅරගෙන ඒ අනුකමිටුවේ සභාපතිතුමා හැටියට ඩලස් අලහප්පෙරුම මැතිතුමා අමාත්‍ය මණ්ඩලයේ අනිත් අමාත්‍යවරු සමඟ අපේ ප්‍රසන්න රණතුංග මැතිතුමා, විමල් වීරවංශ මැතිතුමා, අමරවීර ඇමතිතුමාලා ඒ දුන් නිර්දේශ ක්‍රියාත්මක කර ගැනීමේ මුදල් අර්බුදයක් තියෙනවා. රවුෆ් හකීම් මැතිතුමා එක්ක මං එකඟ වෙනවා. මුදල් අර්බුදයක් නැතැයි කියන්නේ නැහැ. මුදල් ඇමතිතුමත් කිව්වා මුදල් අර්බුදයක් තියෙනවා කියලා. නමුත් ඒ මුදල් අර්බුදයක් තිබුණා කියලා සියළු දේ වහලා දාන්නේ නැහැ. අපේ රට අපි ඉස්සරහට ගෙනල්ලා තියෙනවා ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන්. අපේ සේවාවල් පවත්වගෙන යනවා. සෞඛ්‍ය සේවය, අධ්‍යාපන සේවය අනිත් සේවාවල් පවත්වාගෙන යනවා. මං කාලය ගන්නේ නැහැ. ඒ පිළිබඳ කතා කරන්න, මීට කලිනුත් ඒ පිළිබඳ කරුණු කියලා තියෙන නිසා. ඒ අතරතුර අපේ විදුහල්පති ගුරු වැටුප්වල නිර්දේශය අනුව රුපියල් බිලියන 32 ක අතිරේක ප්‍රමාණයක් මේ ප්‍රශ්නය විසඳීම සඳහා ඒ මහා ඉතිහාසගත පියවරක් රජය අරන් තියෙනවා. ඒකට මුදල් වෙන් කරලා තිබෙනවා අය වැය ලේඛනයේ. එය ක්‍රියාත්මක කරන්නට පුළුවන් කමට අපි එන වසරේ එකඟතාවය පරිදි පැමිණෙනවා. මේ තුළ විදුහල්පති ගුරුවරුන්ගේ ඉල්ලීම් මාලාවේ එක ක්ෂේත්‍රයක් විස‍ඳෙනවා.

ලෝකේ පුරා ගුරුවරු වර්ජනය කරනවා. ලංකාවේ විතරක් නෙවෙයි. Even in advance Netherlands. There was a teacher’s strike which brought entire Netherland to standstill.

ඉතින් ඒ නිසා මේ තොරතුරු නොදැනගෙන නෙවෙයි තොරතුරු දැනගෙන මේ අර්බුදයන් කාලෙන් කාලෙට විසඳන්නට ගත් පියවරවල් පසුබැස්ස නිසා, ඒ සමස්ථ පියවරවල් වලට විසඳුමක් අපේ රජය මේ අයවැය ලේඛනයේ ලබා දීලා තිබෙනවා. ඓතිහාසික පියවරක්. මම හිතනවා. මේ තරම් විශාල මුදල් ප්‍රමාණයක් කවදාවත් මේ ක්ෂේත්‍රයේ වැටුප් වැඩිවීමට ලබා දීලා අධ්‍යාපනයට ලබා දීලා නැහැ. අපේ අයවැය ලේඛනයේ සියයට 7 ඉක්මවමින් අය වැය ලේඛනයේ මූල්‍ය ප්‍රතිපාදන අධ්‍යාපනයට වෙන් කරලා තිබෙනවා. එය අධ්‍යාපනයේ ප්‍රාථමික අධ්‍යාපනයේ සිට මගේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ඇමතිතුමා පැහැදිලි කරයි. පූර්ව අධ්‍යාපනයේ සිට ප්‍රාථමික ද්විතීය උසස් අධ්‍යාපනය කරා පමණක් නොව වෘත්තීමය අධ්‍යාපනය කරාත් ගමන් කරන අපේ දෙලක්ෂ හතලිස් තුන්දාහක ගුරුවරුන් අතර උපාධියක් ලබා ගැනීමට අනිවාරෙන් පුහුණු කරන ඒ ප්‍රතිපත්තියට අපි එකඟතාවයකට ආවා. ඒක විශාල ජයග්‍රහණයක් අධ්‍යාපනයට. මීට පස්සේ අධ්‍යාපන සේවාවේ උපාධියක් ඇතිව හෝ උපාධියක් කරා ගමන් කළ හැකි ලෙස අධ්‍යාපන සේවාව පරිවර්තය වෙනවා. ඒ විශාල පිළිගැනීමක්. ඒ පිළිගැනීම මත ඉදිරි කාලයේ අවශ්‍ය අනෙකුත් දායකත්වයක් තියෙන බව සඳහන් කරන්න කැමතියි.

ඒ වගේම, ගරු කථානායකතුමනි, අපි දන්නවා අපේ විශ්ව විද්‍යාල ක්ෂේත්‍රය. මම එතනට ගමන් කරන්නට විශේෂයෙන් සඳහන් කළේ රටේ අනාගතය දැන් මේ ඉගෙන ගන්න දරුවන්ගේ අනාගතය තියෙන්නේ දැනුම් කේන්ද්‍රීය අනාගතයක් මත. එයට අවශ්‍ය විෂය මාලාවන් වල හා විවිධ පීඨයන්ගෙන් වෙනස් වෙන උසස් අධ්‍යාපන ක්‍රමයටත් අළුත් එකතු වීමක් කරනවා. ඉතින් අපිට කිව්වා මේ සල්ලි එන්නේ ලෝක බැංකුවෙන්, ලැබෙයිද දන්නේ නැහැ කියලා. ලැබෙනවා, ලෝක බැංකුවෙන් පැමිණිලා, සාකච්ඡා කරලා සමහර වැඩපිළිවෙලවල් කලින් පටන් ගත්ත ඒවා. නමුත් ඒවා ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය මෙතනයි. 10000 කින් පමණ විශ්ව විද්‍යාලයට ඇතුල් වන ප්‍රමාණය වැඩි කරන්නට අනුමැතිය පමණක් නොවෙයි, ආරම්භ කරලා තියෙනවා. මම ස්තූතිවන්ත වෙනවා විශ්ව විද්‍යාල කොමිෂන් සභාවට. වෙනදාට වඩා කලින් විශ්ව විද්‍යාල කොමිෂන් සභාව අවම ලකුණු ප්‍රමාණය ප්‍රකාශයට පතකළා. විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට. ගිය සතිය වන කොට විශ්ව විද්‍යාලයට ඇතුළු වීමේ දොරටු විවෘත කරලා තියෙනවා ඉල්ලුම් පත් ඉදිරිපත් කරන්න. අපි බලාපොරොත්තු වෙනවා, විශේෂයෙන් සඳහන් කරන්න ඕන. මා හිතනවා විපක්ෂය එකඟ වෙයි කියලා. අපේ බලාපොරොත්තුව විභාග දෙකක් නිසා ප්‍රමාද වී අපතේ යන කාලය අඩු කරලා, ඒ අවුරුද්ද අඩු කර ගැනීමට පුළුවන් තත්ත්වයට සමස්තව ගෙනෙන්නට. එතකොට විශ්ව විද්‍යාලයට දැන් ඇතුළු වන කාලය කලින් ලබා ගැනීමට අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුළුවන්කම ඇති වෙනවා. මේක වැදගත් පියවරක්. ඒ විතරක් නෙවෙයි. වෛද්‍ය ක්ෂේත්‍රයත් එක්ක සාකච්ඡා කරගෙන යන්නේ. ඒ ක්ෂේත්‍රවලට ප්‍රමාදයක් තිබෙන විභාග හා ප්‍රතිඵල හා පන්ති නිසා තියෙන ප්‍රමාදය අඩු කර ගනිමින් කලින් වෛද්‍යවරයෙක් ඇති කරගන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවද කියලා ජාත්‍යන්තර පිළිගැනීම් කිසිවකුට බාධාවක් නොවන පරිදි. මම වෘත්තීය වශයෙන් ක්ෂේත්‍ර වලට ගමන් කරන්න කලින් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර වශයෙන් විශාල ඉල්ලීමක් තිබෙනවා.

බෞද්ධ අධ්‍යාපනය ලොවේ රටවල් ගණනාවකට අලුතින් ගෙනියන්න, විශ්ව විද්‍යාලය පරිවර්තනය කර ගැනීමේ ඕනෑකමට අපි එක් වී තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මීට අතිරේක විශ්ව විද්‍යාල දැනුම වැඩි කර ගැනීමේ අවශ්‍ය සම්පත් ක්ෂේත්‍රය, විද්‍යාව තාක්ෂණය, ඉංජීනේරු, වෛද්‍ය හා ගණිතය පමණක් නොව එයට අතිරේකව ඉංග්‍රීසී දැනුම අනිවාර්යයෙන්ම ඇති කරන්නට පාසල් අධ්‍යාපන සිට, අපේ මව් භාෂා අධ්‍යාපනය නවතවන්නේ නැහැ.මව් භෂාවෙන් තමයි අධ්‍යාපන කටයුත්ත ගෙනියන්නේ. ඊට අතිරේකව ඉංග්‍රීසී දැනුම පමණක් නොව අනෙක් භාෂාවන් අතිරේකව ගන්න පුුළුවන් අවස්ථාවට අද පිවිසෙන්න පුළුවන් වැඩ පිළිවෙල සකස් කරලා ආරම්භ වෙයි. මේ ඉදිරියේ විශ්ව විද්‍යාල විවෘත වුණාට පස්සේ මම හිතනවා අය වැය ලේඛනයේ ප්‍රධාන අංශ පහකට බර දලා තියෙනවා. Winding of the social and economic desperation that was mentioned. අපේ රටේ ඇත්තන්ගේ හා නැත්තන්ගේ පරතරය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරමින් තිබෙන්නේ.

අපේ රජය අපේ රටේ අඩු ආදායම් ලබන ජනතාවට ලබාදිය හැකි සෑම ශක්තියක්ම ලබා දීලා තිබෙනවා. ඒ සඳහා වූ ආධාර එන්න එන්නම අපිට ලබාදෙන්න පුළුවන්කම ඇතිවෙන ක්‍රියා දාමයට අපි අය වැය ලේඛනය සංවර්ධන වැය ශීර්ෂ ප්‍රතිසංවිධානය කරලා තියෙනව, මුදල් ඇමතිතුමා. ලංකාවේ 14500ක් ග්‍රාම සේවක කොට්ඨාශ පදනම් කරගෙන සංවර්ධන කොටස් එක් කිරීමෙ මහා ග්‍රාමීය පෙරළිය ඇති කිරීමේ වැඩ පිළිවෙලකට අපි අවතීරණය වන්නේ.

ඒ වගේම ඊළඟ ප්‍රධාන කාරණාව අපට සහස්‍රයේ සම්මතයන් වලට කිට්ටුවෙන්නට පුළුවන් වේගය අඩු වෙලා තිබුණා. ඒ අවශ්‍ය ඉලක්කයන් සපුරාලීම අය වැය ලේඛණයේ තිබෙනවා. ඒ වගේම අපිට සිදු වී තිබෙන පාරිසරික විනාශය විවිධ කාලගුණික විපර්යාසයන් හා කොවිඩ් වැනි ප්‍රශ්න නිසා ඇති වී තිබුණ බරපතල අර්බුද හරහා ගමන් කරන්නට පුළුවන් අවශ්‍යතාවය අය වැය ලේඛනය හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි මම කියවන්නට කැමතියි මුදල් අඩුවුණයි කියලා Total revenue that granted 1561 -2021 , 2022 budgeted 2284 billion. ඒ නිසා අපි අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට පුළුවන් ක්‍රියාදාමයේ යෙදෙන්න මේ අයවැය ලේඛණය ප්‍රධාන වශයෙන් පැහැදිළි කරනවා.

ඒ වගේම මම කලින් සඳහන් කරපු විදියට ඇත්තන්ගේ සහ නැත්තන්ගේ අතර තිබෙන වෙනස අඩු ආදායම් ලබන ජනතාව සඳහා තමයි දිස්ත්‍රික්ක පදනම් කරගෙන ග්‍රාම සංවර්ධනයේ ඒකකයන් පදනම් කරගත් සංවර්ධනයක් ගැන කථා කරන්නේ. එ් සමස්ථ සංවර්ධනයක්. ඒක බලන්න පුළුවන් දේශපාලන වශයෙන් අපේ පැත්තේ අයට නායකත්වය ලැබේද? ඔබේ පැත්තේ අයට නායකත්වය ලැබේද? කියලා ප්‍රශ්නයක් නෑ. මුදල් ඇමතිතුමා කියලා තියෙනවා මහජන නියෝජිතයන්ගේ නායකත්වයෙන් සියලු සංවිධානවල එකමුතුවෙන් මේක කරන්න කියලා. ඒ නිසා එයට එක්වෙන්න මේ රටේ අනාගතයටයි. එය කඩාකප්පල් කරන්න කටයුතු කරන්න එපා.

ඒ වගේම අය වැය ලේඛනයෙන් අපිට වෙන් කරලා තියෙනවා additional allocation of 5300 million for the development of national schools. දැන් ජාතික පාසල් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ වැඩ සටහනේ ප්‍රධාන අංගයක්. මේ තුළින් දැනට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 125ක දැනට ප්‍රධාන පාසලක් සමස්ථ අධ්‍යාපනයේ තිබෙන ජයග්‍රහණ ලබා ගතහැකි පාසල් නොමැති නිසා. ඒ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකත් අතිරේකව 1000 ඉලක්කයට අපි ගමන් කරනවා.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒනිසා මේ ජාතික පාසල් 1000 ජාතික පාසල් ලෙස කටයුතු කර කිරීමේදී කර තිබෙන නිර්දේශයන් යළි සලකා බලන්න කියලා රහුෆ් හකීම් ඇමතිතුමා කිව්වා. විරුද්ධ පක්ෂය සමඟත් පසුගිය දවසේ මගේ අධ්‍යාපන උපදේශක කාරක සභාවේදී ඒක සාකච්ඡා කළා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අදහසුත් අඩුපාඩුකම් තිබෙන, අදහස් සලකා බලන්නට අපේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාත් ඉන්නවා. එයට සූදානම්. නමුත් අපට දෙන්න පුළුවන් ප්‍රමාණයක් අනුව සැලැස්මකට ගමන් කරන්නේ.

මේ ප්‍රධාන ජාතික පාසල් ඇති කිරීමේ ඒ වටා තිබෙන සියලු කුඩා පාසල් ආරක්ෂා වෙනවා. අපි ඒ සඳහා ආරක්ෂා වන වැඩලිළිවෙළක් හදනවා. ඒ තුළින් වැඩි පීඩනයක් නැතුව අපේ පාසලට දරුවන්ට පැමිණෙන්නට ඒ අයට අවස්ථාව විෂයන් හැදෑරීමට ප්‍රාථමික අධ්‍යාපනයට ඒ අවශ්‍ය දියුණුව ඇති කරන ගන්න පුළුවන් කම ලැබෙනවා. ඉතින් ගරු කතානායකතුමනි, මේ නිසා Establishment of rural schools will attack. The program established 1000 as well as and national school is implemented. As a priority development project to the government to establish. National schools in 123 divisions and will move up the present 7373 to 500. And allocation of million 2000 in addition it already been allocated provide facilities for technical and technological education. Special attention has been paid to skills based education. And sports facilities. Giving the required tax concessions for the implementation of fiber optics and connections all schools.

මම හිතනවා මේ කාලපරිච්ඡේදයේ රජය අරගෙන තියෙන මේ පියවර මඟින් හැම පාසලකටම ඒ තොරතුරු තාක්ෂණයට සම්බන්ධ වෙන්න ඈත එපිට 50 දෙනෙක්ටත් අඩු ශිෂ්‍යයන් යන පාසලටත් ඒක ගෙන එන්න අවශ්‍ය පියවර ගිය සතියෙත් අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිතුමා අනුමත කළා. ඒ නිසා මම දීර්ඝ කාලයක් මෙයට වඩා ගන්නේ නැහැ. අපිට අවශ්‍ය අපේ විශ්ව විද්‍යාල මීට වඩා දියුණු තත්ත්වයකට ගේන්න. ජාත්‍යාන්තර මට්ටමට. අපි පිළිගන්නා විශ්ව විද්‍යාල පීඨයන් බවට පත් වී තිබෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයට අවුරුදු 100ක් පිරෙනවා. එහි සමහර පීඨයන්ට අවුරුදු 100ක් පිරෙනවා. ජාත්‍යන්තර විශ්වාසය ඇති වී තිබෙනවා. අපේ අලුතෙන් ඇති වේච්ච විශ්ව විද්‍යාල ගණනාවක එහි ප්‍රගතිය ලබමින් ඉන්නවා. එයට අවශ්‍ය ශක්තිය ලබා දීමෙන් අපට පුළුවන් කම ඒ ජාත්‍යන්තරව අපේ උපාධි වැඩසටහන් වලට ඇති වෙයි.

මට පෙර කතා කරපු ඇමතිතුමා කිව්වා.On the Accreditation bill, the draft. I think had been ready but never persuaded.එය දැන් අපි සාකච්ඡා කරගෙන යනවා.මම පිළිගන්නවා.

පෞද්ගලික විශ්ව විද්‍යාල ගණනාවක් තිබෙනවා. ඒ වගේම පෞද්ගලික පාසල් රාශියක් තිබෙනවා. ඒවා හරියාකාර නියාමනයකට පත් වෙලා නෑ. රජය තීරණය කරලා තිබෙනවා. ස්ථිර වශයෙන් මම ගිය සතියෙත් අධ්‍යාපන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කළා. නියාමයකට පරිවර්තනය කරන මේ පනත පාර්ලිමේන්තුවට ගේනවා. ඉතාම ඉක්මනින්. මේක දැනට සැලකිල්ලට භාජනය කරමින් පවතිනවා. එය පාර්ලිමේන්තුවට ගෙනල්ලා අපි සම්මත කිරීමට අවශ්‍ය පියවර වලට අවතීර්න වෙනවා. තමුන්නාන්සේලාගේ සහයෝගය ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. අපේ නිදහස් අධ්‍යාපනය යළිත් මම සඳහන් කරනවා. එක හානියක් ඇති වෙන්නේ නැතිව සියලු දෙනාට මේ අධ්‍යපාන ක්‍රමය හරහා ගමන් කරන්නට සැමට අධ්‍යාපනයට එක්වී ගමන් කරන්නට පුළුවන් අයිතිය සුරක්ෂිත කරන්නට අපි කටයතු කරනවැයි කියන ටික සඳහන් කරමින් මගේ කතාව අවසන් කරමින්,

අපේ විශේෂයෙන් විශ්ව විද්‍යාලවල අලුතෙන් ඇති කරන ලද incubators ඒ විවිධ ක්ෂේත්‍රයන්, පර්යේෂණ අංශ, පෞද්ගලික අංශයේ විවිධ ක්ෂේත්‍රයන් සමඟ ඒකාබද්ධව ආරම්භ කර තිබෙන ව්‍යාපෘති වෘත්තීය පුහුණු ව්‍යාපෘති ඒ ග්‍රාමීය ව මං කලින් සඳහන් කළ ව්‍යාපෘති වලට එක්වී කටයුතු කරන්න අපේ විශ්ව විද්‍යාලයට පුළුවන්කම ඇති වේවි.

උපාධිධාරීන් 51,000ක් ජනාධිපතිතුමා ප්‍රතිඥා දුන් පරිදි බඳවා ගත්තා. ඒ අභ්‍යාසලාභීන්, උපාධි අභ්‍යාසලාභීන්ගෙන්. 22,000 ත් 25,000 ත් අතර ප්‍රමාණයක් අධ්‍යපන දෙපාර්තමේන්තු ක්ෂේත්‍රයට ස්ථිරත්වය ලබමින් ඉදිරි දවස් වල පැමිණේවී. මම විශ්‍රාමික ගුරු විදුහල්පති වරු හා ගුරුවරු ගැන වචනයක් කියලා මගේ කතාව අවසන් කරනවා. එක්ලක්ෂ හැටදායකට වැඩි මේ පරම්පරාවට විශේෂ පිළිගැනීමක් ලබා දීමට අධ්‍යපන අමත්‍යාංශය හැටියට අපි පියවරක් ගන්න ඕනෑ. අලුත් වැඩ පිළිවෙළකින් ඒකාබද්ධ කර ගන්න පුළුවන් ක්ෂේත්‍රයකට අපි මුලපුරන්නට බර වෙන්න ඕනෑ. ඒ වගේම අපේ රටේ පාසල් වල අප දැන් ආරම්භ කර තිබෙන වැඩපිලිවෙළ යටතේ හරිත ආර්ථිකය පිළිබඳවද ගැඹුරු සහභාගීත්වයක් ඇති කර ගැනීමටත් ඒ වගේම අපට මේ කාල පරිච්ඡේදයේ පෞද්ගලික අංශයේ බැංකු රාශියක් උදා වුණා. ඒ සියලු බැංකු වලට මම මේ අවස්ථාවේදී ස්තූති වන්ත වෙනවා.

මම විශේෂයෙන් සඳහන් කරනවා යළිත් ගරු අමාත්‍යතුමාලාට වාගේම ගරු මන්ත්‍රීතුමාලාට අපි නිදහස් අධ්‍යපන පනතට හානියක් නොකර හැම දෙනාටම කිසිවෙකු අත්නොහැර මේ අධ්‍යාපන ක්‍රමය තුළ අපේ දෙමව්පියන් පතන දරුවන්ගේ අධ්‍යාපනය අනාගත දැනුම ඇති අධ්‍යපනයකට ජාත්‍යන්තරව පිළිගන්නා වූ අධ්‍යාපන පිළිගැනීමකින් සමතයන් සුදුසුකම් වලට ගමන් කරනවා. එයට සහයෝගය දක්වන ලෙද මම විශේෂයෙන් මේ අවස්ථාවේදී අධ්‍යපන අමාත්‍යතුමා හැටියට සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා

Leave a comment

Your email address will not be published. Required fields are marked *