27 April 2024
#දේශීය

IMF ඉදිරිපත් කරන ඇති කොන්දේසි රටට හෙලි කරන්න – එජාපය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි පිළිබඳව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු රටට හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කර සිටි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමේදී යෝජනා කර ඇති කොන්දේසි මොනවාද යන්න මහා බැංකු අධිපතිවරයා රටට හෙළි කල යුතු බව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනුක් කොළඹගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ “ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට ගියහොත් ශ්‍රී ලංකා රුපියල මුදල් ඒකකය 30% කින් අවප්‍රමාණය කිරීමට සිදුවන බවත් රජයේ රැකියා අඩු කිරීමට සිදුවන බවත් පසුගියදා මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබිම සම්බන්ධ ප්‍රශ්ණ කරමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට රජය උනන්දු නොවන්නේ නම්, ආර්ථික ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහා විකල්ප සැලැස්මක් මහජනතාවට ඉදිරිපත් කළ යුතු බව කොළඹගේ මහතා පවසනවා . “පුද්ගල පක්ෂග්‍රාහී මත පදනම්ව නොව මහජනතාවගේ අවශ්‍යතා මත තීරණ ගැනීමේ වගකීම මේ රජයට ඇති බවයි ඔහු පැහැදිලි කළේ . මහජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින අතර මේ රජය ගත යුතු පළමු පියවර වන්නේ විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කිරීම බව දිනුක් කොළඹගේ මහතා පැවසුවා. එමෙන්ම ඔවුන්ට මෙය කළ නොහැකි නම්, රටේ අනෙකුත් බොහෝ ප්‍රශ්න නොවිසඳී පවතිනු ඇති බව අවසන් වශයෙන් කොළඹගේ මහතා අවධාරණය කළා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *