27 April 2024
#දේශීය

සුරාබදු පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

නව නීති විරෝධී මත්ද්‍රව්‍ය වර්ග සමාජය තුළ ප්‍රචලිත වීම, ඊට අදාළ මුදල් සංසරණ ක්‍රමවේදයන් වැළැක්වීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් නව සුරාබදු පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවේදිය. මෙම රැස්වීමට සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම පනත යුගයට ගැලපෙන පරිදි යාවත්කාලීන විය යුතු බවයි.

එහෙත් 1912 වසරේ දී හඳුන්වා දුන් සුරාබදු ආඥා පනත මේ වන විට වාර්තා ගත ලෙස සංශෝධන සහ නිවේදන 1200කින් පමණ වෙනස් වෙමින් සංකීර්ණත්වයට පත්ව ඇති බව හෙතෙම පැවසිය. නව පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *