27 April 2024
#දේශීය

සර්වපාක්ෂික හමුවක් අද ජනපති ප්‍රධානත්වයෙන්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් අද (26) පස්වරු 4 ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සර්වපාක්ෂික හමුවට කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂනායකවරයාට මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ට ද ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *