තීරුබදු රහිතව මෙරටට ගෙන්වා අත්අඩංගුවට ගන්නා ලද තෙන්දු කොළ කිලෝග්‍රෑම් 1869ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 15ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබේ.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් මෙම තෙන්දු කොළ තොගය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමථ ගාස්තු අයකර රාජසන්තක කරනු ලැබීය.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතාගේ මූලිකත්වයෙන් පසුගිය 28 වන දින මෙම වෙන්දේසිය සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන මූල්‍ය නිලධාරිනි ආර්.ආර්. බුලත්සිංහල, ප්‍රධාන ගණකාධිකාරි ටී.පී. හෙට්ටිආරච්චි සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) තිස්ස රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
















