• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මිලිටරි පාලකයෙකු ඉල්ලු හිමියන් ගැන කම්පා වෙනවා

21 June 2018
in ක්‍රීඩා

ශ්‍රී ලංකාව, මිලිටරි පාලකයෙකු විසින් හෝ පාලනය කොට සංවර්ධනය කළ යුතු බවට, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් පසුගිය දා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් බෞද්ධයින් වශයෙන් තමන් දැඩි ලෙස කම්පා වෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (21) කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් සිදු කරමින්.

මිලිටරි පාලන ප්‍රතිපත්තියක් අනුමනය කරන ඒකාධිපති පාලකයෙකු මෙම රට පාලනය කිරීම බෞද්ධ දර්ශනය හා ගැලපෙන්නේ කෙසේද යන්නත්, බෞද්ධ සංකල්ප හා ඒකාධිපති පාලන ලක්ෂණ ගැලපෙන්නේ කෙසේද යන්නත් හේෂා විතාන මහතා ප්‍රශ්න කරනු ලැබුවා. එමෙන්ම, පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් සිදුකළ එම අදාළ ප්‍රකාශය සිදුකළේ කුමන පදනමකින් ද යන්න පිළිබඳවත්, කුමන හේතුවකින් ද යන්න පිළිබඳවත්, බරපතල ගැටලු පවතින බව ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

උපාලි නාහිමියන් විසින් එවන් ප්‍රකාශ සිදු කරන්නේ, වත්මන් රජය ඒකාධිපති පාලන ප්‍රතිපත්තීන් අනුගමනය නොකරමින්, නිදහස හා සමාජ සාධාරණත්වය මෙන්ම මාධ්‍ය නිදහස ද ආරක්ෂා කරගනිමින් යහපාලන සංකල්ප තුළ රාජ්‍ය පාලනය කිරීම හේතුවෙන් දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

පසුගිය රජය සමයේ දී ජනතාව රවටමින් සිය පටු දේශපාලන අරමුණු ඉටු කරගත්තා සේම, වර්තමානයේ දී මහා සංඝරත්නය රවටමින් සිය පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම සූදානම් සිටින්නේදැයි ගැටළුවක් පවතින බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළා.

පාලකයින්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම සඳහා අමානුෂික ලෙස මනුෂ්‍ය ඝාතන සිදුකළ කාලයක් නැවතත් රටට අවශ්‍ය කර ඇත්තැයි යන්න ද ප්‍රශ්නයක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ.

පොහොට්ටුවේ ලකුණට මුවා වෙමින් හිටලර්ගේ ස්වස්තික ලකුණ ඉස්මතු කොට මේ රට නැවතත් කුරිරු ඒකාධිපති පාලන යුගයක් කරා ඇද දැමීමේ ම්ලේච්ඡ සැලසුම් රටේ සමස්ථ ජනතාව එක්ව පරාජය කළ යුතුය විතාන මන්ත්‍රීවරයා පැවසිය.

Post Views: 10
Previous Post

මොලේ නරක් වෙලා

Next Post

මහබැංකුවේ හොල්මන්

editor

editor

Next Post

මහබැංකුවේ හොල්මන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved