27 April 2024
#ක්‍රීඩා

මහබැංකුවේ හොල්මන්

රටේ ආර්ථිකයට විශාල ලෙස බලෑමක් එල්ල කරන්නේ මහබැංකුවේ සිටින ඇතැම් හොල්මන් බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (20) කොළඹ පැවැති උත්සවයකට සහභාගී වෙමින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රවි කරුණානායක මහතා කියා සිටියේ තමන් මහබැංකුවේ මෙම කූට ක්‍රියාවන් සම්බන්ධයෙන්ව දිගින් දිගටම ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන් බවයි.

මහබැංකුවේ මෙම කූට ක්‍රියාවන් නතර නොකලහොත් ඉදිරියේදී රටේ ආර්ථිකය මීට වඩා බරපතල තත්ත්වයකට මුහුණ පෑමට සිදු වන බව හෙතෙම කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *