27 April 2024
#දේශීය

සජිත්ගේ සන්ධානයේ කකුලින් අදින්නේ රාජපක්ෂ ආණ්ඩුව සමග ඩීල් තිබෙන අයයි – මන්ත්‍රී මනුෂ

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගෙන ඇති සන්ධානය සමග ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කර ජනතා විරෝධී රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට කටයුතු කළ යුතු බවත් මෙම සන්ධානයට බාධා පමුණවන්නේ රාජපක්ෂ ආණ්ඩුව සමග ඩීල් දමාගෙන සිටින පුද්ගලයින් බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ගාල්ලේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා “ අපි මේ වෙලාවේ සන්ධානයක් ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. සන්ධානයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහත්තයා පත්වෙලා තියෙනවා. මහ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහත්තයා පත් කරලා තියෙනවා. සන්ධානයේ නම, ලකුණ සේරම තීරණය කරලා තියෙන්නේ. මේ සන්ධානය සමග එකතුවීමට කැමැති හැමෝටම එකතුවෙන්න පුලුවන්. අකුල් හෙලන්න කැමැති අයට අකුල්හෙලන්න පුලුවන්. එකතුවෙන්න කැමැති හැමෝටම එකතුවෙලා ජයග්‍රාහී මාවතට එකතුවෙන්න පුලුවන්. එහෙම නැතිව ආණ්ඩුව ගෙන යන ජනතා විරෝධී වැඩපිළිවෙලට සහාය දැක්වීමට කැමැති අය තමයි මේ සන්ධානයේ කකුලින් අදීන්නේ. නමුත් ජනතාව ඔවුන් ඉදිරි මැතිවරණයේදී ප්‍රතික්ෂේප කරාවි.

කවුරු වුනත් මේ වෙලාවේ ඇති කරන සන්ධානයට විරුද්ධ වෙනවා නම් ඒ හැමෝම රාජපක්ෂලා සමග ඩීල් තිබෙන අයයි. ඒ අය රාජපක්ෂලා ආරක්ෂා කරනවා. ඉක්මන් ඡන්දයකට යන්න ආණ්ඩුව කරන යෝජනාවට සහාය දෙන්න කියලා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට යෝජනාවක් ආවා. ආණ්ඩුවට සහාය දීලා ඡන්දයක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අපි හැමෝම ප්‍රකාශ කළා. නමුත් අද මේ වන විට කණ්ඩායම ඉක්මනින් ඡන්දයකට ගිහින් රාජපක්ෂවරුන්ට එක මන්ත්‍රීධූරයක් හරි ගන්න උදව් කරන්න හදන්නේ.යැයි මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *