27 April 2024
#දේශීය

රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල වෙත ගෙවන්න අතිරේක සහන කාලයක්

ශ්‍රී ලංකා පොලිසියි විසින් 2020 පෙබරවාරි මස 16 දින හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති එහෙත් කොරෝනා වෛරසය හමුවේ ගෙවීමට නොහැකි වු රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට ජුනි 30 වනදා දක්වා සහන කාලයක් ලබා දීම රජය විසින් කටයුතු කර තිබේ.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 2020 පෙබරවාරි මස 16 සිට නිකුත් කර ඇති ගෙවීමට සම්මත කාල සිමාව ඉක්මවා ඇති දඩ පත්‍රිකා අතිරේක දඩ මුදලක් සමඟ ගෙවීමට මහජනතාවට හැකියාව පවතිනු ඇති බවයි.

එම දඩ මුදල් දිවයින පුරා ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් ගෙවීමට අවස්ථාව සලසා ඇති බව තැපැල්පතිවරයා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *