27 April 2024
#ව්‍යාපාර

තේ අපනයනට අයකරන රු.3.50 බද්ද මාස 06ට තාවකාලිකව අත්හිටුවයි

තේ අපනයනය මත පනවා ඇති තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අපනයනයට කරනු ලබන සෑම තේ කිලෝග්‍රෑමයක් මත ලියාපදිංචි අපනයනකරුවන්ගෙන් දැනට අය කරනු ලබන රුපියල් 3.50 ක තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද අය කිරීම මාස 06 කාලයකට තාවකාලිකව අත්හිටුවීම සඳහා වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ මේ වන විට රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හමුවේ මේ වන විට තේ කර්මාන්තයට මුහුණ පෑමට සිදුව ඇති අභියෝග නිසාවෙනි. එමෙන්ම තේ කර්මාන්ත ශාලා මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම බොහෝ තේ අනයනය කරන රටවල මිලදී ගැනීමේ හැකියාව සාපේක්ෂව අඩුවීම, සැපයුම්දාම කලමනාකරණයේ ගැටළු සහ නිෂ්පාදනවල ගුණාත්මකභාවය ස්ථාවරව පවත්වා ගැනීම මෙහිදී ප්‍රධාන වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *