27 April 2024
#දේශීය

සෞඛ්‍ය සහ විදුලිය අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

සෞඛ්‍ය ක්ෂේත්‍රය හා විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය මහජන සේවාවන් බවට පත් කරමින් ජනාධිපතිවරයාගේ අණපරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.

පසුගිය කාලයේදි වැඩ වර්ජන හේතුවෙන් විදුලි බල සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල කටයුතුවලට විවිධ බාධා එල්ල විය. ඒ අනුව මහජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

‍විදුලි බල සැපයුම, රෝහල්වල , සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය ,පෝෂණය කිරීම,සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය මේ යටතේ අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *