27 April 2024
#දේශීය

දැවැන්ත ආර්ථික අර්බුදයට තිරසාර විසදුමක් දෙන්න – විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් රජයට කියයි

රජය හමුවේ ඇත්තේ විශාල අභියෝගයක් බව දන්නා නමුත් දැවැන්ත ආර්ථික අර්බුදයට තිරසාර විසඳුමක් ලබාදීමට රජය වහාම කටයුතු කළ යුතු බව විපක්ෂ දේශපාලන නියෝජිතයින් නිවේදනයක් නිකුත් කරමින් රජයට පවසයි.

එම දේශපාලන නියෝජිතයින් වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් , හර්ෂ ද සිල්වා , එරාන් වික්‍රමරත්න , හා ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ , දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර් .සම්බන්ධන්, එම්. ඒ සුමන්තිරන් හා ශානක්යා රාසමාන්කම් , දෙමල ප්‍රගතිශිලි සන්ධානය වෙනුවෙන් මනෝ ගනේෂන් වෙනුවෙන් රිෂාඩ් බදුයීදීන් සහා වෙනුවෙන් රවුෆ් හකීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම නිවේදනයට අත්සන් කර ඇති අතර සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව ඔවුන් විසින් වර්තමානයේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හා සම්බන්ධ ප්‍රධාන අභියෝග 4 ක් ඔවුන් හඳුනාගෙන තිබේ.

* 2020 අප්‍රේල් මාසයේ සිට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම හරහා ජාත්‍යන්ර මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ගැනීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථාවන් අහිමි වීම එහි ප්‍රමුඛ කරුණයි.

* ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත මසකට අවශ්‍ය කරන ආනයන වලටවත් ප්‍රමාණවත් නොවීම නිසා රට සතුව නිදහස ලැබූ දින සිට තිබූ අවම විදේශ විනිමය ප්‍රමාණය පැවතීම.

* 2020 වසරේදී වාර්තා වූ රජයේ ආදායමෙන් 70% ක් වූ ණය පොලී වියදම ඉතිසාහයේ වාර්තා වූ ඉහළම ණය පොලී අනුපාතය වීම.

* පසුගිය වසර දෙක තුළ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රටේ දළ දේශිය නිෂ්පාදනයෙන් සියයට 95 සිට සියයට 120 ක් දක්වා ඉහළ යාම .

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රජය හමුවේ ඇත්තේ විශාල අභියෝගයක් බව අප පිළිගන්නා අතර මෙම අසීරු අවස්ථාවේදී රටක් වශයෙන් අප සියලු දෙනාම එක්ව කටයුතු කරමින් මෙම ආර්ථික අභියෝගයන් ජය ගැනීමට කටයුතු කළ යුතු බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *