දිවයින තුළ දරුවන් නොසලකා හැරීම, අතහැර දැමීම මෙන්ම කායික හා මානසික අපයෝජනයන්ට ලක්වීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) පවසයි.සාමාන්‍යයෙන් මසකට පැමිණිලි 600ත් 1,000ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවත්, මව්පියන් හෝ භාරකරුවන් විසින් දරුවන් නොසලකා හැරීම හෝ අතහැර දැමීම සම්බන්ධ සිදුවීම් මෙමඟින් වැඩි වශයෙන් අනාවරණය වන බවත් එම අධිකාරියේ නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ, නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය සඳහන් කරයි. මෙවැනි වරදක් සම්බන්ධයෙන් වරදකරුවන් වන මව්පියන්ට දණ්ඩ නීති සංග්‍රහය යටතේ වසර 2ක සිට උපරිම වසර 10ක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.ළමුන් සම්බන්ධයෙන් වන හදිසි පැමිණිලි සඳහා 1929 ළමා උපකාරක සේවය (Child Helpline) වෙත වහාම දැනුම් දෙන ලෙස බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.













