Boeing 737 MAX ගුවන් යානාවල ඇතැම් landing අවස්ථාවලදී ගුවන් නියමුවන්ට automated flight guidance භාවිත කිරීමට බාධා විය හැකි software ගැටලුවක් සම්බන්ධයෙන් ඇමෙරිකානු Federal Aviation Administration (FAA) විශේෂ ආරක්ෂක සමාලෝචනයක් සිදු කිරීමට නියමිතය. ඒ සඳහා Corrective Action Review Board රැස් කිරීමට FAA සැලසුම් කර ඇති බව Reuters වාර්තා කරයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් FAA විසින් Boeing 737 MAX 10 යානයේ certification ක්රියාවලියද ප්රමාද කර තිබේ. ගැටලුව විශේෂ landing scenario එකකදී pilot workload වැඩි කළ හැකි බව සඳහන් වන අතර, Boeing විසින් එය නිවැරදි කිරීම සඳහා software update එකක් සකස් කරමින් සිටී.
කෙසේ වෙතත්, මේ වන විට 737 MAX යානා සමස්තයක් ලෙස අනතුරුදායක බවට හෝ ඒවා ground කිරීමට අවශ්ය බවට FAA අවසන් තීරණයක් ප්රකාශ කර නොමැත. ඇමෙරිකානු ප්රවාහන අමාත්ය Sean Duffy ද දැනට safety concern එකක් නොදකින බව පවසා ඇති අතර, අවසන් තීරණය FAA සමාලෝචනයෙන් පසුව ගනු ඇත.
















