වනාන්තර සහ කෙත්වල හිතාමතා ගිනි තැබීම ඇතුළු ඇතැම් බරපතළ අපරාධ සඳහා මරණ දඬුවම ඇතුළත් Penal Code සංශෝධනයක් Algeria හි People’s National Assembly විසින් ඔක්තෝබර් 1 වැනිදා අනුමත කර තිබේ. Algerian Press Service වාර්තා කරන්නේ එම සංශෝධනයට හිතාමතා ගිනි තැබීම් සහ ළමා පැහැරගැනීම් සම්බන්ධයෙන් මරණ දඬුවම ඇතුළත් වන බවයි.
සංශෝධනයට අනුව වනාන්තර හා කෙත්වල හිතාමතා ගිනි තැබීම මෙන්ම විදේශීය පාර්ශ්වයන්ගේ ප්රයෝජනය සඳහා සිදුකරන ඇතැම් දේපළ විනාශ කිරීම් සහ ජාතික ආරක්ෂාව, මහජන සාමය, ජාතික ඒකීයභාවය හෝ ආර්ථික හා පාරිසරික ස්ථාවරත්වයට බලපෑම් කරන ඇතැම් ක්රියාද ආවරණය වේ.
මේ අතර Amnesty International ඇතුළු මානව හිමිකම් සංවිධාන Algeria හි මරණ දඬුවම සහ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කර තිබේ. නව නීතිය දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කිරීමට භාවිත කරන බවට ඇති ප්රකාශ තවමත් චෝදනා ලෙස පමණක් සැලකිය යුතුය.
















