• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රාථමික අධ්‍යාපනයේ අසාර්ථකත්වයට වන්නේ නුපුහුණු ගුරුවරුන් නිසා – අධ්‍යාපන ඇමති සුසිල්

13 July 2023
in දේශීය

ප්‍රාථමික අධ්‍යාපනයේ සාර්ථකත්වය සිසුන්ගේ ද්විතීයක හා උසස් අධ්‍යාපනයන්හි සාර්ථකත්වය උදෙසා ඉතා තීරණාත්මක ව බලපාන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයකට එක් වෙමිනි. එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙරට ප්‍රාථමික අධ්‍යාපනය අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වන්නේ නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික අධ්‍යාපනයට යෙදවීම බවයි.

දැඩි අවධානයක් සහිත ව කැපවීමෙන් ක්‍රියා කිරීමට සූදානම් ව ගුරුවරුන් වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයට එක් විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමන් ද රට පුරා සිදු වන අධ්‍යාපනයට සම්බන්ධ සිදුවීම් කෙරෙහි දිනපතා අවධානය යොමු කර ඒවාට ප්‍රායෝගික විසඳුම් ලබා දීම කෙරෙහි ද නිරන්තරයෙන් උත්සුක වන බවත් පැවසී ය.

ඒ අනුව ගුරුවරයකු වශයෙන් අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කරගනිමින් අදාළ සුදුසුකම් සම්පූර්ණ කළ යුතු අතර එහි දී අදාළ පුහුණුවීම් මගින් මානව සම්පත් කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යවූවක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

එමගින් දරුවන් පීඩිතයන් බවට පත්වීම වලක්වාගනිමින් 2024 වර්ෂයේ අධ්‍යාපන පරිවර්තනීය වෙනසත් සමග නව ක්‍රියාකාරකම් පාදක ප්‍රායෝගික තෘප්තිමත් අධ්‍යාපනයක නියැළී ජාත්‍යන්තරය ජය ගැනීමේ අවස්ථා මෙරට දරුවන්ට විවර කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ මුඛ්‍ය අරමුණ බව ද මෙහි දී අමාත්‍යවරයා පවසා සිටියේ ය.

එසේ ම 2024 වසරේ සිට 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ඇතුළු සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග නියමිත කාලයේ දී පැවැත්වීමට කටයුතු කරන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

Post Views: 10
Previous Post

වාරි සභා වැඩසටහනේ මාතලේ ප්‍රධාන ඇල සංවර්ධනය කිරීම ආරම්භ කෙරේ

Next Post

සියලු පුරවැසියන්ට නව ඩිජිටල් හැඳුනුම්පතක් – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක

editor

editor

Next Post

සියලු පුරවැසියන්ට නව ඩිජිටල් හැඳුනුම්පතක් - තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved