හිටපු යුද හමුදාපති, විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟි ජන බලවේගය (සජබ) සමඟ එක්වී ඉදිරි උතුරු මැද පළාත් සභා මැතිවරණයට මහ ඇමති අපේක්ෂකයා ලෙස තරග කිරීමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් පදනම් විරහිත බව අනාවරණය වී තිබේ.
මෙම පුවත් සහ විවිධ පෝස්ට් සංසරණය වීමත් සමඟ ඒ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා සිදුකළ විමර්ශනයකදී, සමඟි ජන බලවේගයේ විශ්වාසවන්ත ආරංචි මාර්ග තහවුරු කර ඇත්තේ එම තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
හිටපු යුද හමුදාපතිවරයා වෙත ද මේ සම්බන්ධයෙන් විමසීමට උත්සාහ කළ ද ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වී තිබේ. කෙසේ වෙතත්, දේශපාලන කරළියේ මෙවැනි අසත්‍ය පුවත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය කරනු ලබන ව්‍යාජ පෝස්ට් පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවීම වැදගත් වේ.
















