27 April 2024
#දේශීය

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීගේ බස්නාහිර පළාත් සම්මුඛ පරික්ෂණ ලබන සතියේ

අභ්‍යාසලාභී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී බස්නාහිර පළාත් සම්මුඛ පරීක්ෂණය 09 සහ 10 දින වල දී පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවාගැනීම සදහා සම්මුඛ පරික්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *