27 April 2024
#දේශීය

වෑන් රථයකින් පැමිණි පිරිසක් තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

කහඹිලියාවැටිය වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ඊයේ (04) පෙරවරුවේ අඹන්පොල පොලිසියට දුරකතන ඇමතුමක් ලැබී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වු පොලිසිය එම ස්ථානයට ගොස් ඇති අතර මිය ගිය පුද්ගලයා එම ප්‍ර දේශයේ පදිංචි වයස අවුරුදු 50 වියේ පසු වු අයෙකි.

වෑන් රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව මුළික පරික්ෂණවලින් අනාවරණ වී ඇත.

මෘත ශරීරය අඹන්පොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අද දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අඹන්පොල පොලිසිය වැඩිදුර විමර්ශනය පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *