මීගමුවේ සිට හැටන් බලා ගමන් කරමින් සිටි එකම පවුලේ පිරිසක් රැගත් ත්‍රීරෝද රථයක් අද (අප්‍රේල් 20) පෙරවරුවේ වටවල, කැරොලයිනා ප්‍රදේශයේදී අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ.
පෙරවරු 9:30ට පමණ කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත. ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වාහනයකට වංගුවකදී ඉඩ ලබාදීමට උත්සාහ කිරීමේදී ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහී මෙසේ ප්‍රපාතයට පෙරළී ඇති බව වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේදී රථය තුළ මව, පියා සහ දියණියන් දෙදෙනා ගමන් කර ඇති අතර එය ධාවනය කර ඇත්තේ වැඩිමල් දියණිය විසිනි. ඇය සතුව නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක් පවතින බව පොලීසිය තහවුරු කර තිබේ.
අනතුරින් තුවාල ලැබූ මව සහ දියණියන් දෙදෙනා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ත්‍රීරෝද රථයට ද දැඩි හානි සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














