• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගොවීන් සහ පාරිභෝගිකයන් සිදු වු පිඩාවට පාඩු පියවා ගන්න – විපක්ෂනායක සජිත්

20 June 2023
in දේශීය

වගාවන් සඳහා රසායනික පොහොර භාවිතය තහනම් කර කාබනික පොහොර පමණක් යෙදීමට රජය ගත් තීරණය තුළින් අස්වැන්න විනාශ වී ගොවි ජනතාව ඇතුලු සමස්ත ජනතාවම අසරණභාවයකට පත් වු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ් මහතා අද (20) පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ විශේෂ ප්‍රශ්න රැසක් අසනු ලැබීය.

වගාවන් සඳහා රසායනික පොහොර භාවිතය තහනම් කර කාබනික පොහොර පමණක් යෙදීමට රජය ගත් තීරණය තුළින් අස්වැන්න විනාශ වී ගොවි ජනතාව ඇතුලු සමස්ත ජනතාවම අසරණභාවයකට පත් වීම පමණක් නොව, නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ගෙන් බැහැරව විවිධ පුද්ගලයින්ට වාසි ගෙන දෙන අන්දමින් තීරණ ගනිමින් කාබනික පොහොර සහ නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනයට කටයුතු කිරීම නිසා මෙරට මූල්‍ය ධනය කිසිදු ප්‍රයෝජනයක් අත් නොවූ කාර්යයන් සඳහා වැය කිරීමට සිදු වු බව විපක්ෂනායකවරයා අවධාරණය කලේය.

මේ නිසා මෙරටට සිදුවූ පාඩුව අති විශාලයි. නමුත්, මෙවැනි වැරදි තීරණයන්ගෙන් සමස්ත ජනතාව පීඩාවට පත් කළ පිරිස් වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමක් සිදුවන බවක් පෙනෙන්නට නැත. එමෙන්ම, මේ නිසා මෙරටට සිදු වූ පාඩු පියවා ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද රජය දිනෙන් දින කල්මරමින් සිටින බව ඔහු අනාවරණ කලේය.

තවද, මේ වනවිට ගොවීන්ට වී සඳහා සාධාරණ මිලක් නොලැබෙන බව වාර්තා වන අතර, වෙළඳපොළ තුළ පවතින ඉහළ සහල් මිලට සාපේක්ෂව වී වලට ලැබිය යුතු සාධාරණ මිල පිළිබඳ රජයේ විශේෂ අවධානය යොමු කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9
Previous Post

විකාශන අධිකාරි පනත මාධ්‍ය මර්දනය කරන්නේ නෑ – රාජ්‍ය අමාත්‍ය රෝහණ

Next Post

පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ගේ දීමනාව ගෙවලා නෑ – පළාත් රාජ්‍ය කළමණාකරණ සේවා නිලධාරින්

editor

editor

Next Post

පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ගේ දීමනාව ගෙවලා නෑ - පළාත් රාජ්‍ය කළමණාකරණ සේවා නිලධාරින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved