• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටේ ආර්ථික සංවර්ධනයේදී ගොවි ජනතාව අමතක කල නොහැකියි – අගමැති

12 July 2023
in දේශීය

ගොවි ජනතාව අමතක කර රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අපනයනය ඉලක්ක කර ගනිමින් ගොවීන් නගාසිටුවීම සඳහා දේශීය බීජ බෙදා දීමේ අවස්ථාවට අද (12) දින මීපේ, මාවතගම දී ආරම්භකළ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා ” මොහොතකට හැරී බැලුවොත් අද කඩා වැටී සිටි තත්ත්වයෙන් රට ගොඩගෙන තිබෙනවා. ඊට ප්‍රධානතම බලවේගය වුණේ ගම්බද ගොවි ජනතාව යි. අපට තිබෙන ඉඩම් වල කොපමණ ප්‍රමාණයක් වගා කරලා නැද්ද කියලා හොයාගන්න. වතු සමාගම් වලට දුන්නට වඩා අපිට දුන්න නං ඉවරයි කියලා ගොවීන්ගෙන් පැමිණිලි තිබෙනවා. ඒ සඳහා භූමිය නිදහස් කිරීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා. අපිට තිබුණු මූලික අර්බුද වලින් රට දුවන තත්ත්වයට ගෙනාවා. මෙතනින් එහාට ආර්ථික වශයෙන් අපේ රට ගොඩ නැගීමේ විශේෂ ඉලක්ක සපුරා දීමට සිදුවෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට සහයෝගයක් දීමේ ඊළඟ අභියෝගයට අප ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නිෂ්පාදන වැඩි කරගැනීමට පොදුවේ තිබෙන වෙළඳපලට ලබා දීමට පුළුවන් සහනයක් ඇති කර දීම අත්‍යවශ්‍යයි. රජය හැටියට විශ්වාසවන්ත මූල්‍ය තත්වයකට රට ගෙන ඒමට ආරම්භක පියවර ඇති කරලා තහනම ඉවත් කරගෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතන සියල්ල සමඟ ගනුදෙනු කරන්නට පුළුවන් රටක් බවට අද පත්වුණා. ගොවි ජනතාව අමතක කර රටේ ආර්ථික සංවර්ධනය සහ බලාපොරොත්තු වන ආර්ථික ස්වයංපෝෂිත තාවය ඇති කරන්නට බැහැ. අපේ ගම්වල ආහාර ස්වයංපෝෂිත කර ගත හැකි ආකාරයට රට ගෙනියන්න පුළුවන්. ගම්වාසී රටවැසියා මෙ බව ඔප්පුකර තිබෙන දෙයක්. අදට අවුරුද්දක් වෙනවා. රටේ කලබල ඇති වෙලා. රට අඩපණවෙලා රටම අරාජික වුණා. නීතියක් රීතියක් නැති රටක් බවට පත්වුණා. මේ අවුරුද්ද තුළ ඔබ අපට පුළුවන් වුණා. දේශපාලනයටත් වැඩිය රට ගොඩ ගන්න ඕනේ කියලා හැඟීමකින් කටයුතු කරන්නට. එහි ප්‍රධානතම ඉලක්කය වුණේ ජාතික නිෂ්පාදනය වැඩි කිරීමයි. ඒ වගේම රටේ නීතිය හා සාමය රටට දායාද කළා යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි, සීතාවක හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම්වරු සහ ගොවී ජනතාව මෙම අවස්ථාවට සහභාගි වූහ.

Post Views: 10
Previous Post

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීමට ‘INSEE සත්කාර’ වැඩසටහන පෙරමුණ ගනී

Next Post

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසනයේ කැදවුම්කරු ලෙස රාජ්‍ය අමාත්‍ය රෝහණ පත් කෙරේ

editor

editor

Next Post

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසනයේ කැදවුම්කරු ලෙස රාජ්‍ය අමාත්‍ය රෝහණ පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved