• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශපාලකයෝ නිසා ගොවි ජනතාව අසරණ වෙලා – ඇමැති පාලිත

15 August 2018
in සංවර්ධන

ඇතැම් ජනතා නියෝජිතයින් ආඳාගේ පිටට සමාන බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ස්ථිර ප‍්‍රතිපත්තියක සිට කටයුතු නොකිරීමෙන් ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රිරයාවට නැගීමට ඇති අවස්ථාව අහිමිවී ඇති බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පුත්තලම් දිස්ත්‍රික්කයේ වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණමඩුව පක්‍ෂ කාර්යාලයේ පැවැති සාක‏ච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ” ජනාධිපතිතුමා කියලත් මේ අය නිසිලෙස කටයුතු කරන්නේ නෑ. මෙම හැසිරීම්වලින් අසරණ වන්නේ ජනතාවයි. මේවා පුද්ගලික බූදල නෙමෙයි. රජයෙන් හෝ පළාත් සභාවෙන් හෝ ප‍්‍රාදේශීය සභාවෙන් හෝ මේ කටයුතු නිසි පරිදි සිදුවිය යුතුයි. හැබැයි නොවෙන තැනදී අපි මැදිහත් වෙනවා. යකමුණ ව්‍යාපාරයට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මුදල් යොදවන්න පුළුවන්. ඒත් ඒකට අවශ්‍ය පැවරීම් සිදු කරන්න වයඹ පළාත් සභාව මේ දක්වා කටයුතු කර නැහැ. දැන් මාස දෙකකුත් ගත වී අවසන්. ඉතිං කොහොමද වැඩ කරන්නේ. ආඳාගේ පිට වගේ කියලා කියමනකුත් තියනවනේ. ස්ථිර ප‍්‍රතිපත්තියක් නොමැතිනම් කිසිවක් කරන්න බෑ. හා කියනවා, පස්සේ සද්දේ නැතිව ඔහේ ඉන්නවා. කොහොම වුනන් යකමුණ ව්‍යාපාරය නගා සිටුවන්න අපට අවශ්‍යයි. ඒ නිසා ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම දැනුම්වත් කරන්න පියවර ගන්නවා. යැයි අමාත්‍යවරයා පැවසිය.

Post Views: 15
Previous Post

විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

Next Post

වැව් තුළ තාවකාලික වගා ලිං හැරීම ලබන සතියේ – ඇමැති දුමින්ද

editor

editor

Next Post

වැව් තුළ තාවකාලික වගා ලිං හැරීම ලබන සතියේ - ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved