• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගොවින්ට හිඟයක් නැතිව වතුර දෙනවා – ඇමැති මහින්ද

6 August 2018
in සංවර්ධන

“වැව් දහසක්- ගම් දහසක්” වැඩපිළිවෙළ යටතේ අපේ රටේ නටබුන් බවට පත්වෙමින් තිබෙන මහා වැව් පද්ධතිය යළි ප්‍රතිසංවර්ධනය කර අපේ ගොවි ජනතාවට දෙකන්නයම වගා කළ හැකි වන අයුරින් ජලය ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “වැව් දහසක් ගම් දහසක්” යටතේ සංවර්ධනය කෙරුණු 297 වන වැව වන හිඟුරක්ගොඩ කටුකැලියාව පහළ සියඹලාවැව සංවර්ධනය කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින්. මීට අමතරව 298 හා 299 වන වැව් වශයෙන් මාතලේ පලාපත්වල ඊරියගොල්ල වැවත්, පල්ලේවෙල බෝවේරුව වැවත් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංවර්ධනය කිරීම ආරම්භ කෙරුණි.

මෙහිදී ගොවීන්හට කොස්පැළ හා වෙනත් පැළ වර්ග ද, කාබනික පොහොර ද අමාත්‍යවරයා අතින් බෙදා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා ” අද සමහර මාධ්‍යවල විකාශය වන ප්‍රවෘත්ති දෙස බැලුවහොත් මේ රටේ තිබෙන්නෙම ප්‍රශ්න විතරයි. සංවර්ධන කටයුතු කිසිවක් සිදු කරන්නේ නැහැ කියලයි මහජනතාවට හිතෙන්නේ. අපේ රටේ වැව් පද්ධතිය තුළ වැව්, අමුණු 27000ක් පමණ තිබෙනවා. ඉන් විශාල ප්‍රමාණයකට කිසි දිනෙක අලුත්වැඩියාවක් සිදුවී නැහැ. ගම්වාසීන් අපෙන් ඉල්ලා සිටින්නේ අපේ වැව් ටික හදලා දෙන්න. ඉතිරි හරිය අපි බලාගන්නම් කියලයි. ඒ නිසා මෙම වසරේ කෘෂිකර්ම අමාත්‍යාංශය විතරක් රු. මි. 3500ක පමණ මුදලක් වැව් සංවර්ධනය සඳහා යොදවනවා. ඉතින් ගම්මු කියන්නේ අපිට වගා කරන්න වතුර ටික දෙන්න කියලයි. අපේ රටේ ගොවිතැන ගැන දන්න නායකයෙක් පත්වුණ නිසා තමයි අද අපිට මේ වැව් ටික හදාගන්න මුදල් ලැබුණේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ගොවි පුතෙක්. එතුමා දන්නවා ගමේ ජනතාවට අවශ්‍ය මොනවාද කියලා.

අද සමහරු අහන්නේ අපි මොනවාද කළේ කියලා. අපි අහන්නේ අපි මොනවාද නොකළේ. මේ ආණ්ඩුව තරම් මහජනතාවට සහන දුන්න තවත් ආණ්ඩුවක් තියෙනවාද, ගොවි ජනතාවට සහන සැලසීමට පසුගිය වසර තුන තුළ අතිවිශාල මුදලක් අපි ලබා දුන්නා. නියං සහනාධාර, ගංවතුර ආධාර, කෘෂි රක්ෂණය, පොහොර සහනාධාරය ආදි එම කටයුතු සඳහා රු. මි. ලක්ෂයකට වඩා මුදලක් අපි ලබා දුන්නා.ඒක කරුණු ඇතිවම ඔප්පු කළ හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න, ගොවිජන කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එම්. බී. වීරසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Post Views: 9
Previous Post

ඉන්දුනීසියා භූ චලනයෙන් 82ක් මරුට

Next Post

ඉදිකිරීම් කඩිනම් කරන්න නිලධාරින්ට ඇමැති කබීර්ගෙන් උපදෙස්

editor

editor

Next Post

ඉදිකිරීම් කඩිනම් කරන්න නිලධාරින්ට ඇමැති කබීර්ගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved