2026 ජූලි 05 දින නාරම්මල පොලිස් වසමේ, පන්නල මාර්ගයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පන්නල දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයේ ගමන් ගත් පදිකයෙකුගේ ගැටී, පසුව එම පදිකයා අසල නවතා තිබූ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා නාරම්මල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය තරුණයා 19 හැවිරිදි වියේ පසුවන සියඹලාපේ කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සිදුකළ ත්‍රිරෝද රථයේ රියදුරු ද තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කර ඇත. නාරම්මල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.













