2026 ජූලි 05 දින කෑගල්ල පොලිස් වසමේ බුත්කන්ද මාර්ගයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බුත්කන්ද දෙස සිට කෑගල්ල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන එම මාර්ගයේම ගමන් ගත් කාන්තාවකගේ ගැටී තවදුරටත් ඉදිරියට ගොස් විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු, ගමන් ගත් කාන්තාව සහ තවත් අයෙකු බරපතළ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය කාන්තාව 67 හැවිරිදි පස්යාල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.













