27 July 2024
#දේශීය

මාරක රිය අනතුරින් පියා සහ අවුුරුදු 02 දියණිය මියයයි

ගලගෙදර, මහනුවර කුරුණෑගල මාර්ගයේ මඩවල වංගුවේදී කුරුණැගල දෙසට ධාවනය වු කන්ට්‍රේනර් ප්‍රතිවිරුද්ධව පැමිණි කාර් රථයක 02 ක ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (23) රාත්‍රි 9.30 ට පමණ සිදු වු මෙම අනතුරින් කාර් රථ දෙකහි ගමන් ගත් පුද්ගලයින් 05 දෙනෙකු හා කන්ටේනර් රථයේ රියදුරු තුවාල ලබා ගලගෙදර සහ පේරාදෙණිය රෝහල් වෙත ඇතුලත් කර තිබේ.

එම අවස්ථාවේදී ලොරි රථයට යට වු කාර් රථයේ සිටි රියදුරු හා කුඩා දැරියක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ එකම පවුලේ පියා සහ දියණියයි.

දියණිය වයස අවුරුදු 02 ක් අතර පියා වයස අවුරුදු 36 ක් වු නිල්ලඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මෘත ශරීර ගලගෙදර හා පේරාදෙණිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ගලගෙදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *