මුලතිව්, තේරාවිල් ප්‍රදේශයේ පිහිටි ළිඳක තිබී කාන්තා මළ සිරුරක් සොයාගත් බව පුදුකුඩිඉරිප්පු පොලීසිය වාර්තා කරයි. ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත ඊයේ (13) දින මෙම මළ සිරුර ගොඩගෙන තිබේ.
පොලිස් පරීක්ෂණවලට අනුව මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක් වන තිදරු මවකි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව් රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














