27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුවේ සේවකයෙකුට උණ ….. කොරෝනා අවධානමක් ද?

පාර්ලිමේන්තු ආපන ශාලාවේ සේවය කරනු ලබන සේවකයෙකුට උණ තත්වයක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

අද උදැසන එම සේවකයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී මෙම තත්ත්වය ඇති ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඔහු සෑම දිනකම රාජකාරි සඳහා නිවසේ සිට බස් රථයට අසලට පැමිණෙන ත්‍රිරෝද රථයේ රියදුරට කොරෝනා ආසාදන වී ඇති බව දැනගන්නට ලැබිණි.

ඒ අනුව මෙම සේවකයාටද කොරෝනා පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ වාර්තා පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *