මෙවර 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සත්කාරකත්වය සපයන ඇමරිකාවේ කැලිෆෝනියා හි පිහිටි සුප්‍රසිද්ධ ‘Levi’s Stadium’ ක්‍රීඩාංගණයේ ඇති Levi’s සන්නාම ලාංඡන (Logo) සියල්ල වසා තබන ලෙස ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) නියෝග කර තිබේ.
මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා Levi’s සමාගම නිල අනුග්‍රාහකයෙකු (Sponsor) ලෙස කටයුතු නොකිරීම මෙම තීරණයට හේතු වී ඇත. FIFA ආයතනයේ පවතින දැඩි වෙළඳ නාම රෙගුලාසිවලට අනුව, නිල අනුග්‍රාහකයෙකු නොවන කිසිදු සන්නාමයක් තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ තුළ ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් වේ.
මෙම නියෝගයට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩාංගණයේ ප්‍රධාන නාම පුවරුවේ ඇති Levi’s ලාංඡනය සුදු රෙද්දකින් ආවරණය කිරීමට පියවර ගෙන ඇති අතර, මෙම අපූරු සිදුවීම මේ වන විට අන්තර්ජාලය පුරා දැඩි අවධානයක් දිනාගෙන ඇත. මීට අමතරව, Levi’s සමාගම ද මෙම තත්ත්වයට උපහාසාත්මක ප්‍රතිචාරයක් දක්වමින් ඔවුන්ගේ නිල ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුමේ පැතිකඩ පින්තූරය ද (Profile Picture) සුදු රෙද්දකින් වැසුණු ඔවුන්ගේ ලාංඡනයේ ඡායාරූපයකට වෙනස් කර තිබේ.
















